Home » දම්මින්න කන්දේ­ගම හදිසි මෙහෙ­යු­ම­කින් වරෙ­න්තු­ක­රු­වෝ 6ක් ඇතුළු 30ක් අත්අ­ඩං­ගු­වට

දම්මින්න කන්දේ­ගම හදිසි මෙහෙ­යු­ම­කින් වරෙ­න්තු­ක­රු­වෝ 6ක් ඇතුළු 30ක් අත්අ­ඩං­ගු­වට

by Gayan Abeykoon
February 20, 2025 1:00 am 0 comment

ඇළ­හැර සමූහ - සරත් වෙල­ගෙ­දර

අර­ල­ග­න්විල, සිරි­පුර යන පොලිස් ස්ථාන­වල පොලිස් නිල­ධා­රීන් හා යුද හමු­දාව එකා­බ­ද්ධව දම්මින්න කන්දේ­ගම යන ප්‍රදේ­ශ­වල කරන ලද හදිසි මෙහෙ­යු­ම­කදී  වරෙ­න්තු­ක­රු­වන් 6ක් ඇතුළු පුද්ග­ල­යන් 30 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

වැඩ­බ­ලන පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහ­තාගේ නව මෙහෙ­යුම් වැඩ­පි­ළි­වෙළ යටතේ පොලො­න්න­රුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරි නිශාන්ද සිල්වා, සහ­කාර පොලිස් අධි­කාරි එම්.එස්.එම්.කේ. ජරුල් යන මහ­ත්ව­රුන්ගේ උප­දෙස් පරිදි අර­ල­ග­න්විල පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ආර්.එම්.එස්.සී. රත්නා­යක, සිරි­පුර පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක

ජී.ආර්.ඩී. මෙත්ත­සූ­රිය යන මහ­ත්ව­රුන් ඇතුළු පොලිස් නිල­ධා­රීන් සමඟ යුද හමු­දාව එකා­බද්ධ කරන ලද මෙම මෙහෙ­යුම සඳහා නිල­ධා­රීන් 55 දෙනෙක් සහ­භාගී වූ බව අර­ල­ග­න්විල පොලී­සියේ නිල­ධා­රී­යකු සඳ­හන් කළේය.

මෙම මෙහෙ­යු­මේදී  විවිධ චෝදනා යටතේ අධි­ක­ර­ණ­වල විභා­ග­වන නඩු­ව­ලට  පෙනී සිටින පුද්ග­ල­යන් 6 දෙනෙක්, බීමත්ව රිය පැදවූ පුද්ග­ල­යන් 4 දෙනෙක්,

නිති විරෝධී මත්පැන් ජාවා­ර­මට සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් 4 දෙනෙක් සහ රථ වාහන නඩු සඳහා පුද්ග­ල­යන් 20 දෙනෙක් අත්අ­ඩං­ගු­වට ගත් බවද අර­ල­ග­න්විල පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක රත්නා­යක මහතා පැව­සීය.

අත්අ­ඩං­ගු­වට ගත් වරෙ­න්තු­ක­රු­වන් 6 දෙනා පොලො­න්න­රුව මහේ­ස්ත්‍රාත් අධි­ක­රණ වෙත ඉදි­රි­පත් කරන ලදි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT