Tuesday, May 6, 2025
Home » විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය Platform Daddy

විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය Platform Daddy

by mahesh
February 21, 2025 1:00 am 0 comment

මෙරට ඩිජිටල් අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Platform Daddy පෞද්ගලික සමාගම Pinnacle Sri Lanka 2024 සම්මාන උලෙළේදී විශිෂ්ටම උපායමාර්ගික ඩිජිටල් අලෙවිකරණ සන්නාමය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උලෙළේදී හිටපු කථානායක කරු ජයසූරිය මහතා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි නිර්මාල් දනන්සූරිය මහතා වෙත සම්මානය පිරිනමන ලදි. Platform Daddy සමාගම ඉල්ලුම ඉහළ නැංවීම, ආයෝජනයට සරිලන ප්‍රතිලාභ ලැබීම, වර්ධනය වේගවත් කිරීම කෙරෙහි ප්‍රමුඛ අවධානය යොමු කරයි. යම් සන්නාමයක් සඳහා ලැබෙන පාරිභෝගික විමසීම් ඉහළ නංවා ඒවා විකුණුම් බවට පරිවර්තනය කිරීම ඔවුන්ගේ මූලික උපායමාර්ගය වේ. කර්මාන්ත රැසකට අදාළ ඩිජිටල් අලෙවිකරණ විශේෂඥතාව සහිත එම සමාගම ශ්‍රී ලංකාව, අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මාලදිවයින, එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් රැසකට අයත් ව්‍යාපාරවලට සේවා සපයයි. මාලදිවයිනේද ව්‍යාපාර ලියාපදිංචිය ලබා ඇති ඔවුන් මේ වසරේදී එක්සත් රාජධානියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිය ව්‍යාපාර ලියාපදිංචි කිරීමට නියමිතය.

කාර්යසාධනය මූලික කර ගත් ආකෘතියක් මත ක්‍රියාත්මක වන එම සමාගම වඩාත් සුදුසු පාරිභෝගිකයන් ආකර්ෂණය කර ගැනීමට ව්‍යාපාරවලට සහාය වේ. සාමාන්‍ය අලෙවිකරණ උපක්‍රමවලට අමතරව කෘත්‍රිම බුද්ධිය පදනම් කර ගත් විශ්ලේෂණ, AR හා VR විසඳුම්, ස්වයංක්‍රීය අලෙවිකරණය වැනි නවීන සංකල්පද යොදා ගනී. Meta සහ එක්සත් රාජධානියේ CPD සහතික ලත් වෘත්තිකයන්ගෙන් සැදුම් ලත් Platform Daddy කණ්ඩායමට ශ්‍රී ලංකාවේ දැනට සිටින Meta ප්‍රධාන පුහුණුකරුවන් තිදෙනාගෙන් එක් අයෙක්ද ඇතුළත් වේ. කාර්ය මණ්ඩල සාමාජිකයන්ගෙන් 99%ක් පමණ උපාධි සහ MBA සුදුසුකම් ලබා ඇත. ඔවුන්ට අයත් Platform Duddy පදනම වීදි සුනඛයන්ට අවශ්‍ය රැකවරණය, සෙවණ, වෛද්‍යාධාර සපයන අතර Platform Tree පදනම නාගරික හරිතකරණය සහ පාරිසරික තිරසරත්වය ඉලක්ක කර ගත් වැඩසටහන් දියත් කරයි. සමාගමේ ආදායමෙන් 5%ක් මේ සඳහා වෙන් කර ඇත. එම සමාගම මීට පෙරද Asia Miracle, Iconic, People’s Excellency වැනි දේශීය සහ විදේශීය සම්මාන රැසක් දිනා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT