Home » කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්වයට

කොළඹ – මඩකලපුව දුම්රිය ධාවනය යථා තත්වයට

by chanaka
February 21, 2025 12:15 pm 0 comment

මීනගයා සීග්‍රගාමී දුම්රියේ වන අලි ගැටීම හේතුවෙන් පීලි පැන තිබූ එම දුම්රිය එන්ජිම පිලිගත කොට අද (21) පෙරවරුවේ සිට මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කෙරෙන බව දුම්රිය පාලක මැදිරි සදහන් කරයි.

පාලක මැදිරිය සදහන් කළේ, දුම්රියේ අලි ගැටීමත් සමග කොළඹ මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම ඇනහිට තිබූ අතර කොළඹ සිට ගල්ඔය දක්වා සහ මඩකලපුව සිට හිගුරක්ගොඩ දුම්රිය ධාවනය සීමා කර තිබූ බවයි.

අද පෙරවරුවේ සිට මාර්ගයේ දුම්රිය ධාවනය යලි ආරම්භ කිරීම අනුව ගල් ඔය දුම්රිය ස්ථානයේ නතර කර තිබූ ඉන්ධන රැගත් දුම්රිය මඩකලපුව බලා ධාවනය කළ බවත් පාලක මැදිරි කාර්යාලය පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT