Thursday, May 15, 2025
Home » 91 වියැති අම්මා ත්‍රිරෝදයට බිලි

91 වියැති අම්මා ත්‍රිරෝදයට බිලි

by mahesh
February 21, 2025 1:00 am 0 comment

ගම්පහ අධිකරණ
women-dead

ගම්පහ, යක්කල ප්‍රධාන මාර්ගයේ යක්කල නගරයේදී සිදු වූ ත්‍රිරෝද රථ අනතුරකින් අනූ එක් ඇවිරිදි දෙදරු මවක් මියගොස් ඇති බව යක්කල පොලීසිය පැවසීය.

මියගිය මාතාව පසුගියදා (18) මාර්ගය හරහා ගමන් කිරීමේදී මෙසේ අනතුරට පත්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. අනතුරෙන් පසු ගම්පහ රෝහලට ඇතුළත් කළ ද ඇය මියගොස් තිබිණි. ඉඳිගොල්ල, ගම්පහ පදිංචිව සිටි ආර්.ඒ. ලීලාවතී නමැති දෙදරු මව මෙලෙස මියගොස් තිබේ. අනතුරට සම්බන්ධ ත්‍රිරෝද රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

යක්කල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ උපදෙස් මත රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT