Home » දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

දේශබන්දුට එරෙහි පෙත්සම් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි

by yasara
February 24, 2025 12:22 pm 0 comment

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් පොලිස්පතිවරයා වශයෙන් පත්කර ඇති ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 09ක් විභාගයට ගැනීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබෙයි.

ඒ මෙම පෙත්සම් අද (24) ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ, ඒ. එච්. එම්. ඩී. නවාස් ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන පුද්ගලයන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයා පොලිස්පති ධූරයේ රාජකාරි ඉටුකිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙන බව පෙන්වා දී තිබෙයි.

එම නිසා මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා කඩිනමින් දින ලබාදෙන ලෙසත් ඔහු අධිකරණයෙන් ඉල්ලා තිබෙන බවයි වාර්තා වෙයි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම් මැයි මස 06, 07 සහ 08යන දිනවල විභාගයට ගැනීමට දින නියම කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT