Home » ටිපර් රථයක් පෙරලී රථ වාහන ගමනාගමනයට බාධා

ටිපර් රථයක් පෙරලී රථ වාහන ගමනාගමනයට බාධා

by yasara
February 24, 2025 12:30 pm 0 comment

මහියංගනයේ සිට තලවකැලේ දක්වා වැලි ප්‍රවාහනය කල ටිපර් රථයක් අනතුරට පත්විමෙන් එම ටිපර් රථයේ වැලි ප්‍රධාන මාර්ගය හරහා විසිරිමෙන් රථ වාහන ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නානුඔය පොලිසිය පැවසිය.

මෙම අනතුර සිදු වි ඇත්තේ (24) දින තලවකැලේ නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ නානුඔය ඩෙස්පොඩ් ප්‍රදේශයේදිය.

ධාවනය වෙමින් තිබු ටිපර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් ටිපර් රථය රියදුරු පාලනයෙන් මිදි ඉදිරියට ඇදි ගොස් මාර්ගය අභියස පිහිටි කන්ද ගැටි ටිපර් රථය මාර්ගය හරහා පෙරලි මෙම අනතුර සිදු වි ඇත.

ටිපර් රථය අනතුර පත් වන අවස්ථාවේ එහි වැලි කියුබ් තුනක් ප්‍රවාහනය කර ඇති බවත්, අනතුරෙන් වැලි විශාල ප්‍රමාණයක් මාර්ගය හරහා විසිරිම නිසා මාර්ගය ලිස්සන සුළුබැවින් අනතුර සිදු වු ස්ථානයෙන් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් වන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

අනතුරෙන් කිසිවෙකුටත් තුවාලයක් සිදු වි නොමැත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT