අද වෙනකොට වෙෙළඳ පොළ විසින් පුද්ගල වටිනාකම කියන එක භෞතිකව මනින්න පුළුවන් දෙයක් බවට පත්කරලා ඉවරයි. ජීවිතයේ සුපිරි බව පෙන්වන්න පුළුවන් සංකේත, සලකුණු Media Culture එක විසින් හඳුන්වා දීලා ඉවරයි.පුද්ගලයා කොයිතරම් ඇතුළතින් හිස් වුණත් ජීවිතයේ සුපිරි බව පෙන්වන්න, පුද්ගල වටිනාකම තහවුරු කරන්න Brand names කිහිපයකට පුළුවන්.
“හැදෙනවනම් ගස්වල සල්ලි කෙල්ලො වඳුරන්ටත් ලව් කරයි මල්ලි”
මේක ත්‍රීවීල් එකක පිටිපස්සේ ගහලා තිබුණ වැකියක්. බැලූ බැල්මට හොඳ උපහාස රසයක් තියෙනවා. හැබැයි ඒ කතාව දැක්කම මට හිතෙන කාරණය තමයි “කෙල්ලො විතර ද? ඇයි කොල්ලෝ එහෙම නැද්ද?“ කියලා. ඇත්ත කතාව කෙල්ලො විතරක් නෙවෙයි කොල්ලොත් එහෙමයි. ශ්‍රී ලංකාව වගේ අව සංවර්ධිත රටක ඒ තත්ත්වය පුදුමයක් නෙවෙයි. කාල් මාක්ස් කිව්වේ සියලු සමාජ සංවිධානවල පදනම ආර්ථිකය කියන එක. දැන් ඒ අදහස එතැනින් තව ඉස්සරහට ගිහින් සියලු හැඟීම්වල පදනම ආර්ථිකය වගේ එකකට ඇවිල්ලා තියෙන්නේ.
Love කරන කාලේ ජීවත් වෙන්නේ මාර ෆැන්ටසියක. ඒ ෆැන්ටසියෙන් අන්ද මන්ද වෙලා “අපි ලුණුයි බතුයි කාලා හරි ජීවත් වෙමු“ “වතුර බීලා හරි ජීවත් වෙමු“ වාගේ බොලිවුඩ් චිත්‍රපට ජවනිකා නොසෑහෙන ප්‍රමාණයක් තියෙනවා. හැබැයි කසාද බැන්දට පස්සේ Reality එකට මුහුණදෙන්න වෙනවා. අර “ලුණුයි බතුයි කන “ ෆැන්ටසියට වැඩිය Reality එක අසීරුයි. වතුර බීලා ජීවිත් වෙන ගමන් හොඳම යාලුවා ගත කරන ජීවිතේ ගැන, අල්ලපු ගෙදර කපල් එක ජීවත් වෙන විදිහ ගැන හොයන්න බලන්න ගියාම අන්න අර බොන වතුර ටිකත් තිත්ත වෙනවා. මේ කතාව ගොඩාක් දෙනෙක් දන්නවා. මොන සුරංගනා කතා කිව්වත් අන්තිමේ ජීවිතේට මුණදෙන්න වෙනකොට ඒකට සල්ලි ඕන කියලා. මේ නිසා තමයි කොල්ලො කෙල්ලෝ කවුරුත් ජීවිතේ ගොඩදාගන්න ටිකක් යමක් කමක් තියෙන Partner කෙනෙක්ව හොයන්නේ. ඒ දුක් විඳින්න කැමැති නැති නිසා කියනවට වැඩිය සුපිරි සැපවත් ජීවිතයක් ගතකරන්න කැමැති නිසා කියලා කිව්වොත් හරියටම හරි. මේ ආකල්පයට ගෑනු පිරිමි භේදයක් නෑ.
අද වෙනකොට වෙෙළඳ පොළ විසින් පුද්ගල වටිනාකම කියන එක භෞතිකව මනින්න පුළුවන් දෙයක් බවට පත්කරලා ඉවරයි. ජීවිතයේ සුපිරි බව පෙන්වන්න පුළුවන් සංකේත, සලකුණු Media Culture එක විසින් හඳුන්වා දීලා ඉවරයි.පුද්ගලයා කොයිතරම් ඇතුළතින් හිස් වුණත් ජීවිතයේ සුපිරි බව පෙන්වන්න, පුද්ගල වටිනාකම තහවුරු කරන්න Brand names කිහිපයකට පුළුවන්. මේක තමයි වෙෙළඳ පොළේ මැජික් එක. ඉතිං අපි බහුතරයක් සුපිරි ජීවිත කියලා කියන්නේ ඔය කියන Brand names භාවිත කරන එකට. නැත්තං ඒවා භාවිත කරන බව පෙන්වන එකට. අපි බැලුවොත් අමෙරිකාව වගේ දියුණු රටක මනුස්සයෙක් BMW වගේ වාහනයක් තෝරා ගැනීමේ අරමුණ සහ අපි වගේ අව සංවර්ධිත රටක මනුස්සයෙක් BMWතෝරාගැනීමෙයි Ideologically වෙනසක් තියෙනවා. දියුණු රටක මනුස්සයෙක් එහෙම වාහනයක් තෝරාගන්නේ සුව පහසුව සහ ආරක්ෂාව ගැන හිතලා. අපි වගේ අව සංවර්ධිත රටක මිනිහෙක් ඒ වාගේ වාහනයක් තෝරා ගන්නේ තත්ත්වය පෙන්වන්න.
එතකොට එහෙම බැලුවම ලංකාව වගේ රටක සල්ලිවලට ගන්න පුළුවන් සුපිරි ජීවිතයේ රියලිටි එක අහුවෙනවා. එහෙම ට්‍රයි කරලා අවසානයේ තමන් අපේක්ෂා කරන සියලු දේ අත්පත් කරගැනීමෙන් පස්සේ මාර Blank එකක් දැනෙන්න ගන්නවා. සතුට පසුපස ඔබ හඹායන තාක් එය ඔබට සතුටක් වන අතර සතුට ඔබ පසුපස හඹා ඒම අති භයානක තත්ත්වයක්.
අරවින්ද ඉන්ද්‍රජිත්