Home » “ පළමුව ඇමරිකාව ” ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය ගැන චීනය අදහස් දක්වයි

“ පළමුව ඇමරිකාව ” ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය ගැන චීනය අදහස් දක්වයි

by chanaka
February 24, 2025 8:28 am 0 comment

ඇමරිකාව නිකුත් කළ “ පළමුව ඇමරිකාව ”නමැති ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය පිළිබඳ චීනය අදහස් දක්වයි.

ඉකුත් 21වැනි දා ඇමරිකා ධවල මන්දිරයේ වෙබ් අඩවියේ එම ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය නිකුත් කෙරිණ.

ඇමරිකාවේ ආයෝජන ප්‍රතිපත්ති යළි සකස් කරනු ඇති බවත්, චීනය සමග පවත්නා ද්විපාර්ශ්වික ආයෝජන තවදුරටත් සීමා කිරීම විශේෂ අවධානයක් බවත්, එහි සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් 22 වැනිදා චීන වාණිජ අමාත්‍යාංශය කියා සිටියේ එම ආයෝජන ප්‍රතිපත්ති සන්දේශය චීන ව්‍යවසායන් ඇමරිකාවේ ආයෝජනය කිරීමේ විශ්වාසයට බරපතල හානියක් සිදු කරන බවයි.

ඇමරිකාව එම ආයෝජන ප්‍රතිපත්ති සන්දේශයට අනුව අදාළ විධිවිධාන ගතහොත් ද්විපාර්ශ්වික ආයෝජනවලට බාධා වන අතර ඉන් ඇමරිකාවට ද හානි සිදු වනු ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය පෙන්වා දෙයි.

ආර්ථික හා වෙළඳ කරුණු දේශපාලනීකරණයට ලක් කිරීම නතර කරන ලෙස චීන වාණිජ අමාත්‍යාංශය ඇමරිකාවෙන් ඉල්ලා සිටී.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT