Home » ග්‍රාමීය පුනර්ජීවනය සඳහා ප්‍රතිසංස්කරණ පුළුල් කරමින් චීන මධ්‍යම රජය වසරේ පළමු ලේඛනය නිකුත් කරයි

ග්‍රාමීය පුනර්ජීවනය සඳහා ප්‍රතිසංස්කරණ පුළුල් කරමින් චීන මධ්‍යම රජය වසරේ පළමු ලේඛනය නිකුත් කරයි

by chanaka
February 24, 2025 8:30 am 0 comment

2025 වසරේ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ පළමු ලේඛනය නිකුත් කෙරේ.

ග්‍රාමීය ප්‍රතිසංස්කරණය ගැඹුරු කිරීම, ග්‍රාමීය පුනර්ජීවනය ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවීම සම්බන්ධ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හා චීන රාජ්‍ය මණ්ඩලයේ යෝජනා හා අදහස් හෙවත් 2025 වසරේ චීන මධ්‍යම රජයේ අංක 1 ලේඛනය ඊයේ (23) නිකුත් කෙරිණ.

චීන මාලිදියේ නවීකරණය සාක්ෂාත් කිරීම වෙනුවෙන් විස්තීරණ ග්‍රාමීය පුනර්ජීවනය කඩිනමින් ප්‍රවර්ධනය කළ යුතු බව එම ලේඛනයේ සඳහන් වේ. විස්තීරණ ග්‍රාමීය පුනර්ජීවනය හා ප්‍රබල කෘෂිකාර්මික රටක් ගොඩනැගීම ඉලක්ක කර ගනිමින් සියළු ක්‍රම ඔස්සේ කෘෂිකර්මාන්ත ප්‍රතිලාභ වැඩි කිරීම, ග්‍රාමීය වැසියන්ගේ ජීවන තත්ත්වය වර්ධනය කිරීම හා ගොවීන්ගේ ආදායම වැඩි කිරීම සිදු කළ යුතු ය.

විවෘතභාවය හා ප්‍රතිසංස්කරණ, විද්‍යා හා තාක්‍ෂණික නවෝත්පාදනය ප්‍රයෝජනයට ගනිමින් මූලික ග්‍රාමීය කළමනාකරණ පද්ධතිය වැඩිදියුණු කරන අතර ජාතික ආහාර සුරක්ෂිතතාව තහවුරු කළ යුතු ය. මහා පරිමාණයෙන් දරිද්‍රතාව නැවත ඇති නොවීම තහවුරු කිරීම, ග්‍රාමීය කර්මාන්තවල සංවර්ධන මට්ටම, ග්‍රාමීය ඉදිකිරීම් සංවර්ධන මට්ටම හා ග්‍රාමීය පාලන මට්ටම ඉහළ නැංවීම එම ලේඛනයට ඇතුළත් ය. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයේ පැවැත්වීමෙන් පසු මේ දක්වා නිකුත් කෙරුණු 13 වැනි “කෘෂිකර්මාන්තය, ග්‍රාමීය ප්‍රදේශ සහ ගොවීන්” පිළිබඳ චීන මධ්‍යම රජයේ අංක 1 ලේඛනය ද මෙයයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT