Home » කොටහේන ඝාතනයේ සැලැසුම්කරුත් අල්ලයි

කොටහේන ඝාතනයේ සැලැසුම්කරුත් අල්ලයි

by chanaka
February 24, 2025 8:44 am 0 comment

කොටහේන, කොටහේන විදිය ජංගම දුරකථන උපාංග වෙළඳසලේ හිමි කරුට වෙඩි තබා ඝාතනය කිරීමේ මෙරට සැලසුම මෙහෙය වූ සහ ගිනි අවිය සැපයූ පුද්ගලයා මෝදර මෙත්සඳ සෙවණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයිත

අත්අඩංගුවට ගත් එම සැකකරු මෝදර පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් 21 වැනිදා රාත්‍රියේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ජංගම දුරකථන උපාංග වෙළඳසලට කඩා වැදී එහි හිමිකරු වූ කොළඹ 14 ස්ටේට් පාර පදිංචිව සිටි ශෂී කුමාර් නමැති 38 හැවිරිදි පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර පලායමින් සිටියදී ඔවුන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට පත්විය.

අත්අඩංගුවට ගත් සැකකරු විදෙස් රටක සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමඟ සමීප සම්බන්ධතා පවත්වමින් ඔහු ලබා දෙන උපදෙස්මත මෙරට අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවනු ලබන පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැකකරු විසින් කොටහේන වෙඩි තැබීමට පැමිණි වෙඩික්කරු කොළඹ කොටුව ප්‍රදේශයේ සිට ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කොස්ගස්හන්දිය ප්‍රදේශයේ පිහිටි සිය බිරිඳගේ නිවසට කැඳවාගෙන විත් අපරාධය සඳහා ගිනි අවිය හා පතොරොම් ලබා දී ඇති බවටත් අනාවරණය වී ඇත.

ඉදිරි විමර්ශන සදහා සැකකරු කොටහේන පොලීසිය වෙත භාර දී තිබේ.

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT