Home » 16 හැවිරිදි දැරියක් අතුරුදන්

16 හැවිරිදි දැරියක් අතුරුදන්

by chanaka
February 24, 2025 3:47 pm 0 comment

පසුගිය දෙසැම්බර් 06 වනදා සිට තම මිණිබිරිය අතුරුදන් වී ඇති බවට ඇයගේ මිත්තණිය විසින් කන්දෙනුවර පොලිස් ස්ථානයට කරන ලද පැමිණිල්ලකට අනුව කන්දෙනුවර පොලිස් ස්ථානය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ, වයස අවුරුදු 16ක් වන ඉඩම්ගෙදර තරුෂි චම්පිකා නැමැති සිසුවියකි.

එම දැරිය අංක 85, කන්දෙනුවර, අල්වත්ත ලිපිනයේ පදිංචිව සිට ඇති බව පොලීසිය පවසයි.

අතුරුදන් වූ දැරිය කොණ්ඩය දිගට වවා ඇති උස අඩි 05ක් පමණ තලෙළු කෙට්ටු සිරුර සහිත අයෙකි.

ඇය අවසන් වරට ක්‍රීම් පාට කොට කලිසමක් හා කලු පැහැති මල් සහිත සුදු පැහැ ටීෂර්ටයක් හැඳ සිට ඇති බව පොලීසිය පවසයි.

මෙම දැරිය සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ස්ථානාධිපති කන්දෙනුවර – 071-8592943
පොලිස් ස්ථානය කන්දෙනුවර – 066-3060954

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT