Sunday, May 11, 2025
Home » රාජ්‍ය සේවයට හඳුන්වා දුන් සේවා සංසද වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශයටත්

රාජ්‍ය සේවයට හඳුන්වා දුන් සේවා සංසද වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යංශයටත්

by sachintha
February 24, 2025 1:04 am 0 comment

රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මූල්‍ය හා තාක්ෂණික සහයෝගය මත මෙරට රාජ්‍ය සේවයට හඳුන්වා දී ඇති සේවා සංසද වැඩසටහන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත හඳුන්වාදීම පසුගියදා සිදු විය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ කළමනාකාරීත්වය හා සමස්ත සෞඛ්‍ය සේවයම නියෝජනය වන පරිදි වෘත්තීය සමිති නායකයන්ගේ සහභාගීත්වයෙන් මේ වැඩමුළුව කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.

සෞඛ්‍ය අමාත්‍යංශයට අනුබද්ධිතව ආයතන 1100ක් පමණ තිබෙන අතර සමස්ත කාර්ය මණ්ඩලය 143000 ඉක්මවා සිටියි. මේ සේවා සංසද මඟින් අදාළ නිලධාරීන්ට පෞද්ගලික මට්ටමින් හා සේවා මට්ටමින් බලපාන්නා වූ වෘත්තීමය ගැටලු ඉදිරියේදී ගොඩනැඟීමට නියමිත සේවා සංසද මඟින් විසඳා දීම මේ සේවා සංසද ක්‍රියාවලියේ මූලික ලක්ෂණයයි.

මේ සේවා සංසද පිහිටුවීමේ වැඩසටහන රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වෙනුවෙන් මෙහෙයවනු ලබන්නේ අමාත්‍යාංශයේ මානව සම්පත් අංශයයි.

මේ සේවා සංසද හඳුන්වාදීමේ වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ කළමනාකාරීත්වය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් සහභාගී වූහ. සෞඛ්‍ය සේවයේ වෘත්තීය සමිති නායකයන්, රාජ්‍ය පරිපාලන ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරින්, ජාත්‍යන්තර කම්කරු සංවිධානය නියෝජනය කරමින් මෙරට හා මාලදිවයිනේ ප්‍රධාන තාක්ෂණික උපදේශක ආචාර්ය තෝමස් ක්‍රින්ග් මහතා ඇතුළු ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ නිලධාරීහු එක්ව සිටියහ.

දුලක්ෂි උඩගෙදර සහ මලිඳු තෙන්නකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT