2025 වසර සඳහා වන අය – වැයේ ජනතාවාදී තීන්දු තීරණ දක්නට නොලැබෙන බවත්, ජනතාවාදී අය – වැයක් ගෙන එන්නේ නම් දිය හැකි සහයෝගය දෙන බවත් බදුල්ල දිස්ත්රික් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) ප්රකාශ කළේය.
මන්ත්රීවරයා මේ බව සඳහන් කළේ අය – වැය පිළිබඳ විවාදයට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙලෙස ද කීවේය.
“අනුර කුමාර දිසානායක මහතාගේ අය – වැය ඉදිරිපත් කර දින හයක් වෙනවා. අනුර දිසානායක කියන්නේ කතාවෙන් ජනතාව මෝහනය කරන්න පුළුවන් එකම නායකයා. ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන්ට අපි කියනවා, කෝමා තත්ත්වයෙන් මිදෙන්න. අපිත් ඔය වගේ හිටියා. කියපු හැමදේම විශ්වාස කළා. අත්පුඩි ගැහුවා. මහින්ද රාජපක්ෂලාගේ, රනිල් වික්රමසිංහලාගේ ක්රමවේදය ගෙන යන්න මේ අය ඕන ද? පිටකවරය බලලා තීන්දු තීරණ ගන්න එපා.”