Home » සංගම් දෙකක් අතර ගැටුම් විදුලිබල පද්ධතියේ අර්බුදවලට හේතු වෙලා

සංගම් දෙකක් අතර ගැටුම් විදුලිබල පද්ධතියේ අර්බුදවලට හේතු වෙලා

by sachintha
February 24, 2025 1:25 am 0 comment

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක

වරින් වර ජාතික විදුලිබල පද්ධතිය තුළ ගැටලු උද්ගත වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සංගම් දෙකක් අතර පවතින ගැටලුකාරී තත්ත්වය නිසා බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත් කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් විමසමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“පුනර්ජනනීය බලශක්තියට කැමති පිරිස, අකමැති පිරිස ලෙස පිල් දෙකකට බෙදී සිටිනවා. පුනර්ජනනීය විදුලිය ඒකකයක නිෂ්පාදන වියදම අද වන විට රුපියල් 78ක්. පුනර්ජනනීය ඒකකයකට රුපියල් 29 ක් ගෙවනවා. තෙල් මාෆියාවට යට වෙනවා. රුපියල් බිලියන 185ක ලාභයක් මාස හයකින් ලැබුණා.

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් දෙන පිළිතුරුවලට වඩා ඇමැතිවරයාම සොයා බලා කටයුතු කිරීම ඉතාම සුදුසුයි. විදුලි පාරිභෝගිකයාට විදුලිය කප්පාදු වීම නිසා සිදු වන හානිය ගණනය කිරීමක් ආණ්ඩුවෙන් කරන්නේ නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT