Home » නිවාස 6කින් කෝටියක මැණික්, රන් හා විදෙස් මුදල් සොරාගත් පෙදරේරුවා අත්අඩංගුවට

නිවාස 6කින් කෝටියක මැණික්, රන් හා විදෙස් මුදල් සොරාගත් පෙදරේරුවා අත්අඩංගුවට

by sachintha
February 24, 2025 1:25 am 0 comment

නීතිඥවරයකුගේ නි‍ෙවසක් ඇතුළු නිවාස 6කින් රුපියල් කෝටියකට ආසන්න මැණික් ගල්, විදේශීය මුදල්, විදේශීය මත්පැන් බෝතල් සහ රන් භාණ්ඩ සොරාගත් පුද්ගලයකු භාණ්ඩ ද සමඟ අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අම්පාර, මහඔය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පෙදරේරුවකු බව පොලීසිය කියයි. සැකකරු කොට්ටාව බාලිකා නිවාස පාරේ වුඩ්ලන්ඩ් පාර්ක් නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික නි‍ෙවසකට ඇතුළු වී එහි තිබූ විදේශීය මත්පැන් බෝතල් 15ක්, අධි තාක්ෂණයෙන් යුත් බෆලයක්, දුරදක්නයක්, මයික් දෙකක්, විදුලි පන්දමක්, මැණික් ගල් කිහිපයක් හා CCTV, DVR යන්ත්‍රයක් සොරාගෙන පලා ගොස් තිබුණි.

අවට වෙ‍ෙළඳසල්වල සවිකර තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී ව්‍යාපාරිකයාගේ නි‍ෙවසේ තිබූ සේප්පුවක් කපා මුදල් සොරාගැනීමට තැත් කිරීම හා එම නි‍ෙවසට යාබද ගොඩනැඟිලි ද්‍රව්‍ය වෙ‍ෙළඳසලකින් ග්‍රයින්ඩරයට සවි කරන තලයක් මිලදී ගැනීමට පැමිණෙන අයුරු ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබුණි.

ඔහු එම නි‍ෙවසට පැමිණි පුද්ගලයා බවට හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සිදු කළ විමර්ශනවලදී ඔහු කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ ඉදිකිරීම් සමාගමක පෙදරේරුවකු ලෙස සේවය කරන බවට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලියනාරච්චි මහතාට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේ දී කොට්ටාව පොලිස් වසමේ ව්‍යාපාරිකයාගේ නි‍ෙවසට අමතරව නීතිඥවරයකුගේ නි‍ෙවසක් ඇතුළු නිවාස 4ක් සහ අතුරුගිරිය පොලිස් වසමේ නිවාස 2ක් ඇතුළු නිවාස 6ක දේපළ මෙසේ කොල්ලකෑ බවට තොරතුරු අනාවරණය වී තිබුණි. ඒ අනුව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ලද තොරතුරුවලට අනුව රුපියල් ලක්ෂ 50කට ආසන්න වටිනාකමින් යුත් රන් භාණ්ඩ තොගයක් කොළඹ අවට ස්ථාන කිහිපයකට උකස් කර තිබිය දී සොයා ගැනිණි.

සොරකම් සඳහා භාවිත කළ ත්‍රීරෝද රථයක් ද පොලිස් භාරයට ගෙන ඇත. පොලිස් භාරයට ගත් අනෙක් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් කෝටියකට ආසන්න බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණය යටතේ හෝමාගම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගමගේ මහතාගේ නියෝග හා කොට්ටාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොෂාන් සොයිසා මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලියනාරච්චි මහතාගේ මෙහෙයවීමෙන් පො.සැ (59463) ප්‍රේමසිරි, පො.කො (87634) ජානක, (92852) නන්දන, (94036) විජේසිංහ, (99136) රංජිත්, (101997) රත්නායක, (106872) ධර්මරත්න ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

කොට්ටාව ප්‍රදීප් කුමාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT