ව්‍යාපාරික නිෙවසකට ඇතුළු වී රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වටිනා සුඛෝපභෝගී මෝටර් රථයක්, අත්පලඳනාවක් සහ ATM කාඩ්පත් දෙකක් සොරාගෙන පලා ගිය සැකකරු දින 9කට පසු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පිළියන්දල නගරයේ දී අත්අඩංගුවටගත් සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 5370ක් පොලිස් භාරයට ගෙන ඇත.
එම සැකකරු සොරාගත් මෝටර් රථය බණ්ඩාරගම කිඳෙල් පිටිය කහටවෙල ප්‍රදේශයේ දමා ගොස් තිබිය දී ඉකුත් 18 වැනි දින සොයාගත් බව පොලීසිය කියයි.
අයිස් මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහිව සිටින මෙම සැකකරු ඉකුත් 10 වැනි දින අලුයම් කාලයේ ව්‍යාපාරික නිවැසි කාන්තාව අවශ්‍යතාවක් සඳහා නිෙවසේ දොර අඩක් වසා නිෙවසින් පිටවූ අවස්ථාවේ දී නිෙවස තුළ අනිකුත් සාමාජිකයන් නින්දේ සිටිය දී නිෙවසට ඇතුළු වී ඇත.
එහිදී අත්බෑගයක තිබූ ATM කාඩ් පත් දෙකක් සහ රන් අත්පලඳනාවක් සොරාගෙන ඒ ආසන්නයේ තිබූ මෝටර් රථයේ යතුර රැගෙන මෝටර් රථය පණ ගන්වා පලා ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි.
ලද පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ පොලීසිය CCTV දර්ශන අනුව සිදු කළ පරික්ෂාවේ දී එම පුද්ගලයා අඟුලාන ප්‍රදේශයේ පුද්ගලයකු බවට හඳුනාගැනීමෙන් අනතුරුව සිදු කළ දීර්ඝ විමර්ශනවල දී සැකකරු ATM කාඩ්පත් දෙක උපයෝගී කරගෙන කැස්බෑව ඉන්ධන හලකින් රුපියල් 7000ක මුදලකට ඉන්ධන ලබාගෙන තිබූ බවත් මොරටුව ප්‍රදේශයේ රූපලාවණ්‍ය අලෙවිසලකින් අනික් ATM පත උපයෝගී කරගෙන රූපලාවණ්‍ය උපකරණ මිලදී ගෙන තිබූ බවත් අනාවරණය කර ගැනීමට හැකිවූ බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
සැකකරු හඳුනාගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්‌ඩායමක් යොදවා තිබියදී සැකකරු සොරාගත් මෝටර් රථය බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ කිඳෙල්පිටිය කහටවල ප්‍රදේශයේ අත්හැර දමා ගොස් තිබිය දී පොලීසිය මඟින් සොයා ගැනිණි.
අනතුරුව අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී සොරාගත් රන් අත්පලඳනාව මොරටුව ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයකට උකස්කර රුපියල් එක් ලක්ෂ පනස් දාහක මුදලක් ලබාගත් බවට ද අනාවරණය කරගෙන ඇත.
ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරී එම්.ඩී.ඩී. නිලංග මහත්වරුන්ගේ උපදෙස් මත මත්තේගොඩ පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාගේ මෙහෙය වීමෙන් විමර්ශන සිදු කෙරේ.
බණ්ඩාරගම- බිමල් ජයසිංහ