Home » පොත් මිල අඩු කිරීමට පොත් නිෂ්පාදකයෝ පාරිභෝගික අධිකාරිය අතර සාකච්ඡාවක්

පොත් මිල අඩු කිරීමට පොත් නිෂ්පාදකයෝ පාරිභෝගික අධිකාරිය අතර සාකච්ඡාවක්

by sachintha
February 24, 2025 1:05 am 0 comment

පාසල් දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සඳහා බෙහෙවින් උපයෝගි වන අභ්‍යාස පොත්වල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් පොත් නිෂ්පාදකයන් හා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතර සාකච්ඡාවක් පසුගියදා (19) පැවැත්විණි.

අභ්‍යාස පොත් උසස් තත්ත්වයෙන් සාධාරණ මිලක් යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමට අවශ්‍ය මැදිහත් වීම සිදු කිරීම මෙහි අරමුණ වී තිබේ.

කාලීනව සිදු වූ විදුලි බිල, විනිමය අනුපාතය හා ඉන්ධන මිල වෙනස් වීම හේතු කරගෙන නිෂ්පාදන පිරිවැය අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට දීම සම්බන්ධව සාකච්ඡා කර එම වාසිය ජනතාවට දීම ද මෙමඟින් අපේක්ෂිතය.

මේ සාකච්ඡාවට මෙරට ප්‍රධාන පෙළේ පොත් නිෂ්පාදන ආයතන කිහිපයක් වන ඇට්ලස්, රිචඩ්, නාලක, අකුර, වීරෝධාර, SPC හා දුමිදු යන ආයතන ප්‍රධානීන් එක්ව ඇති අතර දින දෙකක් මේ වන විට සාකච්ඡා පවත්වා ඇත.

කාලීනව, භාණ්ඩවල නිෂ්පාදන වියදම අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට දීම සඳහා අවශ්‍ය මැදිහත්වීම වෙනුවෙන් වෙළෙඳපොළ වැටලීම්, විමර්ශන සිදු කිරීම මෙන්ම අදාළ ආයතන සමඟ නිරන්තර සාකච්ඡා පවත්වන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

මලිඳු තෙන්නකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT