Home » 2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට නව වැඩපිළිවෙළක්

2026 වසරේ සිට සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සම්පාදනයට නව වැඩපිළිවෙළක්

by yasara
February 24, 2025 4:21 pm 0 comment

අද (24) පැවති මහජන දින හමුවීම් අතර අමාත්‍යවරයා ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ නියැලී සිටින පිරිසක් හමු වූ අතර ඔවුන් සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ලදි. සිය ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වර්ධනය සඳහා ද අමාත්‍යාංශයේ මැදිහත්වීම ඉල්ලා සිටි ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2025 වසරට අදාළ සිංහල හින්දු අලුත් අවුරුදු නැකැත් සියල්ල මේ වන විට ජනගත වී තිබෙන හෙයින් එහි වෙනස්කම් සිදු කිරීම සඳහා කිසිදු බලපෑමක් නොකරන බවයි.

එහෙත් 2026 වසරේ සිට විධිමත් වැඩපිළිවෙලක් ඔස්සේ සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් සම්පාදනයටත්, ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම අවශ්‍ය බව ඔවුන් අවධාරණය කළේය.

ඒ අනුව ජ්‍යොතිෂ ක්ෂේත්‍රයේ නියැලී සිටින සියලු දෙනාට සිය යෝජනා ඉදිරිපත් කිරීමටත්, අමාත්‍යාංශයේ මැදිහත් වීම මත ඔවුන්ට එක් දිනකදී රැස්වීමකට සහභාගී වීමටත් අවශ්‍ය වැඩපිළිවෙලක් සම්පාදනය කරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT