Saturday, May 3, 2025
Home » නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ආණ්ඩුව දැන් කතා කරන්නෙත් නැහැ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගැන ආණ්ඩුව දැන් කතා කරන්නෙත් නැහැ

by sachintha
February 24, 2025 1:27 am 0 comment

 

සජබ මන්ත්‍රී අජිත් පී. පෙරේරා

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්තිය තුළ මෙන්ම මැතිවරණ වේදිකාවල ද දිගින් දිගටම ප්‍රකාශ වුවත් ඒ සම්බන්ධයෙන් අද වචනයක්වත් කතා නොකරන බව සමඟි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා (22) ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ 2025 වසර සඳහා වන අය – වැය විවාදයට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“රටට ගැළපෙන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන්නේ නම් විපක්ෂය ද උපරිම සහයෝගය දෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායමට ජනතාව දැවැන්ත ජනවරමක් දුන්නේ විප්ලවීය වෙනසක් සිදු කිරීමටයි. නමුත් එවැනි කිසිවක් දක්නට ලැබෙන්නේ නෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT