Home » ටස්මා සමූහයෙන් බියගමට සමාජ සුබසාධන රැසක්

ටස්මා සමූහයෙන් බියගමට සමාජ සුබසාධන රැසක්

by sachintha
February 24, 2025 1:17 am 0 comment

බියගම සියඹලාපේ ශරීර සුවතා මංතීරුවේ ව්‍යායාම කිරීමට පැමිණෙන සැමගේ සුවසෙත සඳහා බියගම ටස්මා සමූහ ව්‍යාපාරය මඟින් ඉදිකළ එළිමහන් ස්ථාවර ව්‍යායාම කට්ටල පද්ධතිය විවෘත කිරීම ඉකුත් 21 වැනිදා පෙරවරුවේ ටස්මා සමූහයේ සභාපති නිමල් සුභසිංහ කාරියප්පෙරුම මහතා අතින් සිදු විය. මීට සමගාමීව එම මංතීරුව දෙපස රුක් රෝපනය කිරීම හා බියගම ප්‍රාදේශීය රෝහලට අත්‍යවශ්‍ය සෞඛ්‍ය උපකරණ පිරිනැමීම සහ රෝහලේ ජල නළ පද්ධතිය හා ජල පොම්පාගාරය අලුත්වැඩියා කර භූගත ජල සැපයුම රෝහලට ලබාදීම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් රැසක් සිදු කෙරිණි. මීට සමගාමීව ලේ දන්දීමේ කඳවුරක්ද සියඹලාපේ කන්දේ විහාරස්ථානයේදී පැවැත්විණි.

බියගම ටස්මා සමූහ ව්‍යාපාරයේ සභාපති නිමල් සුභසිංහ කාරියප්පෙරුම මහතාගේ 53 වැනි ජන්ම දිනය වෙනුවෙන් පැවති මෙම ව්‍යාපෘතීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ පනහක් වැය කර තිබුණි.

මෙම අවස්ථාවට ටස්මා සමූහයේ අධ්‍යක්ෂිකා නිලුපුලී උදයංගනා කාරියප්පෙරුම, මානව සම්පත් කළමනාකරු ධනංජය බණ්ඩාර, බියගම ආයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිලන්ත පෙරේරා, බියගම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි සී.පී. විජේසූරිය, බියගම ශරීර සුවතා මංතීරු සංගමයේ නිලධාරීන් වන නාමල් නුවන්, දුමින්දි දිසානායක, චින්තක වරාගොඩ, සරත් ගනේපොළ යන මහත්ම මහත්මීන් හා ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

දෙල්ගොඩ සමූහ – සුදත් පුබුදු කීර්ති

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT