Home » බොරලන්ද රජයේ සත්ත්ව ගොවිපොළ සංවර්ධනයට කොරියාවෙන් අත

බොරලන්ද රජයේ සත්ත්ව ගොවිපොළ සංවර්ධනයට කොරියාවෙන් අත

by sachintha
February 24, 2025 1:18 am 0 comment

ඌව පළාත් කෘෂිකර්ම අමාත්‍යංශයට අයත් බොරලන්ද රජයේ සත්ත්ව ගොවිපොළ කොරියානු රජයේ ආධාර මත සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. එම කටයුතු නිරීක්ෂණය කිරීමට දකුණු කොරියාවේ “ග්යෝන් සන් බුක් දෝ” පළාතේ “චෝන්දෝ” දිස්ත්‍රික්කයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවර කිම් හැසෝ (Kim Hasoo) මහතා, සේමාවුල් පදනමේ නියෝජිතයෝ සහ දූත පිරිසක් ඉකුත් 20 වැනිදා එහි නිරීක්ෂණයක නිරත වූහ. වසර ගණනාවක සිට නිසි ප්‍රයෝජනයක් ලබා නොගත් අක්කර 177කින් යුත් මෙම ගොවිපොළ ඉතාමත් සුන්දර පරිසරයක පිහිටා තිබේ. කොරියානු රජයේ “සේමාවුල්” සංවර්ධන ව්‍යපෘතියක් ලෙස බීජ අර්තාපල් නිෂ්පාදනය මෙම ගොවිපොළේ සිදුකිරීමට නියමිතය.

එම ව්‍යපෘතියෙන් වසරකදී අර්තාපල් මෙට්‍රික් ටොන් 4.5 බැඟින් වසර පහක කාලයක් බීජ අර්තාපල් නිෂ්පාදනය කර දිවයින පුරා ගොවිබිම්වලට බෙදා හැරේ. මෙහි පවත්වාගෙන යනු ලබන කිකිළි පැටව් ඇතිකිරීම, බිත්තර, බ්‍රොයිලර් කුකුළු මස්, මී ගව හා එළගව දියර කිරි, ඌරන්, එළුවන්, හාවුන් යන ඒකක සහ පලතුරු නිෂ්පාදනය නවීන තාක්ෂණයත් සමඟ වැඩිදියුණු කර පළාතේ ජනතාවගේ ප්‍රෝටීන් අවශ්‍යතාව සපුරා දීමට ද බලාපොරොත්තු වේ. මෙම ගොවිපොළ දෙස් විදෙස් සංචාරකයන්ගේ සිත් ඇදගන්නා ස්ථානයක් නිසා නැවතුම්පොළවල් ඉදිකර සංචාරකයන්ට අවශ්‍ය පසහසුකම් සැලසීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම අවස්ථාවට ඌව පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල, කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් නිමේෂා ප්‍රියංගි වනසිංහ, ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ එච්.පී.කේ. ජයලත් යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT