Home » ‘ගී ඔසුදැහැන’ බදුල්ල පුරහලේදී

‘ගී ඔසුදැහැන’ බදුල්ල පුරහලේදී

by sachintha
February 24, 2025 1:22 am 0 comment

ඌව පළාත් සභාවේ සංස්කෘතික අමාත්‍යංශය සහ ක්‍රීඩා දෙපාර්තමේන්තුව මඟින් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ සංවිධානය කරන ‘ගී ඔසුදැහැන’ ප්‍රසංගය ඉකුත් 20 වැනිදා බදුල්ල පුරහලේදී පැවැත්විණි.

‘සුවපත් මනසක් තුළින් තෘප්තිමත් රාජ්‍ය සේවයක්, මනසට සුවයක් ගීයට අරුතක්’ යන තේමාව යටතේ සංවිධානය කෙරුණු මෙම වැඩසටහන, ප්‍රවීණ ගේය පද විචාරක එස්.එම්.ටී. බණ්ඩාර මහතා මෙහෙයවූ අතර පළාත් සභාවේ විවිධ අංශවල සේවක සේවිකාවෝ පිරිසක් ගීත ගායනයට එක්වූහ.

බදුල්ල දිස්ත්‍රික් පා.ම සුදත් බලගල්ල මහතාගේ සම්බන්ධීකරණය යටතේ, පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂ කීර්ති දිසානායක මහතා සහ සංස්කෘතික අමාත්‍යංශයේ සැලසුම් අධ්‍යක්ෂිකා කුමුදුනී සමරසිංහ මහත්මිය වැඩසටහන සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා ද සහභාගි විය.

ඌව වෙල්ලස්ස විශේෂ – ඩී.එස්. ගුණතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT