Home » තෙන්ඩුල්කාර්ගේ වාර්තා අභිබවා යමින් කෝලි වාර්තා පොතට

තෙන්ඩුල්කාර්ගේ වාර්තා අභිබවා යමින් කෝලි වාර්තා පොතට

by chanaka
February 24, 2025 4:09 pm 0 comment

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සමග ඩුබායි හී ඊයේ (23) පැවති තරගය කඩුළු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ අනුව, අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ඉන්දියාවට මේ වන විට අවස්ථාව උදා වී ඇති අතර තරගාවලියේ සත්කාරක රට වන පාකිස්ථානය මූලික වටයෙන්ම ඉන් ඉවත්වීමේ අවදානමකට මුහුණ දී සිටි.

මෙම තරගයේ, කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දුන් පාකිස්ථානය පන්දුවාර 49 යි පන්දු 4ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ, ලකුණු 241 ක් පමණි.

කෙසේ වෙතත් පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව, පන්දුවාර 42 යි පන්දු 3ක් තුළ කඩුළු 4ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය.

එහිදී විරාත් කෝලි නොදැවී ලකුණු 100ක් වාර්තා කළ අතර එය සටහන් වූයේ ඔහුගේ 51 වැනි එක්දින ශතකය ලෙසයි.

එමෙන්ම විරාත් කෝලි සිය එක්දින ජාත්‍යන්තර ලකුණු 14,000 සීමාව ඉක්මවා ගියේ, එම කඩයිම අවම ඉනිම් සංඛ්‍යාවකින් පසු කළ ලොව පළමු පිතිකරුවා බවට පත් වෙමිනි.

ඔහු ඉනිම් 287 කදී එම දස්කම් දැක්වූ අතර, මිට පෙර සචින් තෙන්ඩුල්කාර් එම වාර්තාවට හිමිකම් කියනු ලැබීය.

ඔහු ඉනිම් 350කදී ලකුණු 14,000 සීමාව පසුකර තිබුණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT