Home » ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශ ජනපති හමුවෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රංශ ජනපති හමුවෙයි

by yasara
February 25, 2025 9:57 am 0 comment

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අතර සාකච්ඡාවක් පවත්වා තිබෙයි.

ඒ වොෂින්ටන් අගනුවර ධවල මන්දිරයේදීයි.

එහිදී රුසියානු – යුක්‍රේන යුද්ධය විසදීමේ ක්‍රියාවලිය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද්ධය විසඳීම යනු යුක්‍රේනය රුසියාවට යටත් වීමක් නොවිය යුතු බව එහිදී ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් අවධාරණය කළ බවයි.

ජනාධිපතිවරුන් දෙදෙනා අතර පැවති සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය හමුවක්ද පවත්වා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT