Home » ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක්

ග්‍රහලෝක 07ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක්

by yasara
February 25, 2025 10:07 am 0 comment

සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලෝක 7ක් එක පෙළට දැක ගැනීමේ දුර්ලභ අහස් සංදර්ශනයක් මේ දිනවල පවතින බව නවීන තාක්ෂණය පිළිබද ආතර් සී ක්ලාක් ආයතනයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ අද දිනයේ සිට ලබන 28 වන දින දක්වා කාලය තුළ හිරු බැසගිය පසු ශ්‍රී ලංකාවට ද මෙම දසුන ඉතා හොදින් දිස්වනු ඇති බවයි.

පෘථිවිය හැර සෞරග්‍රහ මණ්ඩලයට අයත් සියලු ග්‍රහලෝක එකම පොදු මාර්ගයක මෙහිදී දැක ගැනීමට හැකි බවයි මහාචාර්ය චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT