Saturday, May 3, 2025
Home » එෆ්බීඅයි නව ප්‍රධානියා ‘භගවත් ගීතාව’ මත දිවුරා වැඩ භාර ගනී

එෆ්බීඅයි නව ප්‍රධානියා ‘භගවත් ගීතාව’ මත දිවුරා වැඩ භාර ගනී

by sachintha
February 25, 2025 1:07 am 0 comment

අමෙරිකාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශයේ (එෆ්.බී.අයි.) නව ප්‍රධානියා ලෙස ඉන්දීය සම්භවයක් සහිත කාෂ් පටේල් හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය වන භගවත් ගීතාව මත අත තබා දිවුරුම් දුන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීපතම හිතවතකු බව කියන 44 හැවිරිදි කාෂ් පටේල් එරට 9 වැනි එෆ්.බී.අයි. අධ්‍යක්ෂවරයා ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට ඔහුගේ පෙම්වතිය සහ පවුලේ සාමාජිකයන් සහභාගි වූ බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. ඉන්දියාවේ ගුජරාටි සංක්‍රමණික පවුලක උපන් කාෂ් පටේල් දැඩි හින්දු භක්තිකයකු වන අතර, මීට පෙර ඔහු නීතිඥවරයකු ලෙස ද කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල පාක්ෂිකයකු වන කාෂ් පටේල් ට්‍රම්ප්ගේ පළමු ධුරකාලයේ දී ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයකු ලෙසත් කටයුතු කර ඇතැයි වාර්තා වේ. එමෙන්ම එවකට අමෙරිකාවේ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙසත් ඔහු කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT