Home » ඉක්වදෝරයේ ජනපතිවරණය දෙවැනි වටයට

ඉක්වදෝරයේ ජනපතිවරණය දෙවැනි වටයට

by sachintha
February 25, 2025 12:59 am 0 comment

ඉක්වදෝරයේ ජනාධිපතිවරණයේදී ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ ඡන්ද ප්‍රතිශතය ජයග්‍රාහකයකු නම් කිරීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දෙවැනි වටයේ ඡන්ද විමසීමක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. දෙවැනි වටයේ ඡන්ද විමසීම ලබන අප්‍රේල් මස 13 වැනිදා පැවැත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි. වත්මන් ජනාධිපති දක්ෂිණාංශික පක්ෂ අපේක්ෂක ඩැනියෙල් නොබෝවාගේ සහ ඔහුගේ ප්‍රධානතම ප්‍රතිවාදියා වන වාමාංශික පක්ෂ අපේක්ෂිකා ලුයිසා ගොන්සාලිස්ල අතර ඡන්ද ප්‍රතිශතය එක සමාන මට්ටමක පවතින බව වාර්තා වේ. පසුගිය ඉරිදා පැවැති ඉක්වදෝරයේ ජනාධිපතිවරණයට අපේක්ෂකයන් 16 දෙනකු ඉදිරිපත් වී ඇති අතර, 90%ක් ඡන්ද ගණනය අවසන් වෙද්දී ඩැනියෙල් නොබෝවාගේ ඡන්ද ප්‍රතිශතය 44.4%ක් ලෙසත්, ලුයිසා ගොන්සාලිස්ගේ ඡන්ද ප්‍රතිශතය 43.9% ක් ලෙසත් සටහන් වූ බව වාර්තා වේ.

දකුණු අමෙරිකාවේ කොලොම්බියා දේශසීමාව ආසන්නයේ පිහිටි ඉක්වදෝරය එවකට දකුණු අමෙරිකාවේ වඩාත්ම ආරක්ෂාකාරී රට ලෙස හඳුන්වනු ලැබූ බවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මීට දශක කිහිපයකට පෙර එම රාජ්‍යය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වූ බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT