සංවිධානාත්මක අපරාධකරුවකු බව කියන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීව ඝාතනයට නීතිඥ වෙස්ගෙන ගිනි අවිය රැගෙන විත් මේවන විට අතුරුදන් කාන්තාවගේ මව සහ සහෝදරයා අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සදහන් කරයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉෂාරා සෙව්ව්න්දි නැමැත්තියගේ මව සහ සහෝදරයායි.
වයස අවුරුදු 23 සහ 48 පසු වන ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට නියමිතය.
බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ පවත්වනු ලැබේ.
ගණේමුල්ල සංජීව පෙබරවාරි 19 වැනිදා කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කෙරුණි.
ඊයේ දිනයේ දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කරන ලද අතර, ඒ අනුව සංජීව ඝාතන සිද්ධියට අදාළව මේවන විට අත්අඩංගුවේ පසුවන මුළු සැකකරුවන් සංඛ්‍යාව දස දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.