Home » ව්‍යාපාරිකයෙක් බියවද්දා අයථා මුදල් බැංකු ගිණුමට තැන්පත් කිරීමක් ගැන පැමිණිල්ලක්

ව්‍යාපාරිකයෙක් බියවද්දා අයථා මුදල් බැංකු ගිණුමට තැන්පත් කිරීමක් ගැන පැමිණිල්ලක්

by chanaka
February 25, 2025 9:02 am 0 comment

හිටපු ජනපතිවරයෙකුගේ හා ඔහුගේ ලේකම්වරයෙකුගේ නම් භාවිතා කර බියවද්දා සිය බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 1500 ක මුදලක් තැන්පත් කර මුදල් සපරාධී සාවද්‍ය පරිහරණය කළේ යැයි කියන පුද්ගලයෙකුට එරෙහිව පාමංකඩ ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

නීතිඥ සංජීව කොඩිතුවක්කු මහතා මගින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ජාත්‍යන්තර බැංකු ගිණුමට මෙසේ “වීරවර්ධන” නමින් පෙනී සිටි අයකු විසින් අයථා අන්දමින් උපයා ගත් මුදල් බැර කර ඇති අතර ව්‍යාපාරිකයාගෙන් වරින් වර කප්පම් ලබාගෙන ඇති බව පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පසුගිය වසර ඇතුළත රහස් පොලිසියට ලබාදීම සඳහා යැයි පවසමින් ලක්ෂ 106 කප්පමක් ලබාගෙන ඇති බවද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.

පැමිණිලිකාර ව්‍යාපාරිකයා විසින් පසුගිය නොවැම්බර් 26 හා 29 වැනි දිනවල රහස් පොලිසියේ නිලධාරීන්ට ලබාදීමට යැයි පවසමින් ඉල්ලා සිටි කප්පම් මුදල් ලබාදී ඇත.

සැකකාර පුද්ගලයා විදේශ ශ්‍රමිකයන්ට නිකුත් කරන ලද වාහන හතරක් සහ තවත් වාහන දෙකක් පැමිණිලිකාර ව්‍යාපාරිකයාගේ ආයතන පරිශ්‍රයේ සඟවා ඇති බවද වැඩිදුරටත් සඳහන් කරයි.

නිත්‍යානුකූල ව්‍යාපාර ගනුදෙනු සිදු කරන පැමිණිලිකරුගේ ගිණුමට මාස හයක් ඇතුළත එකම පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 1360 කට අධික මුදලක් බැර වූයේ කෙසේද යන්න පිළිබඳව ජාත්‍යන්තර බැංකුව විසින් කරුණු විමසා ඇති අතර එසේ මුදල් තැන්පත් කරන පුද්ගලයාගේ අනන්‍යතාවය සහ පැමිණිලිකරු හා ව්‍යාපාරිකයා අතර ඇති සම්බන්ධතාවය හෙළිකර මුදල් ගනුදෙනුවන්නේ කුමන හේතුවක්කින්ද යන්න පිළිබඳව කරුණු ඉදිරිපත් කිරීමට මාසයක කාලයක් ලබා දී ඇත .ඉන්පසුව අදාළ ජාත්‍යන්තර බැංකුව විසින් පැමිණිලිකරුගේ ගිණුම වසා දැමීමට පසුගිය දෙසැම්බර් මාසයේ කටයුතු කොට ඇත.

මෙලෙස හිටපු ජනපතිවරුන්ගේ හා ලේකම්වරුන්ගේ නම් පවසමින් බිය ගන්වා කප්පම් ලබා ගැනීම, අයථා අන්දමින් ලබාගත් මුදල් කෝටි ගණනින් මාස හයක් තුළ ගිණුමක තැන්පත් කිරීම සහ පැමිණිලිකරු යොදවා ගෙන කළු සල්ලි සුදු කිරීමට කටයුතු කිරීම යන කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස අදාළ ව්‍යාපාරිකයා වෙනුවෙන් නීතිඥ සංජීව කොඩි තුවක්කු මහතා රහස් පොලිසියෙන් ඉල්ලා තිබේ.

 

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT