Saturday, May 10, 2025
Home » ඉන්දියාවෙන් ගෙනා කේරළ ගංජා කිලෝ 400ක් ලොරියකින් ගෙන යද්දී අසුවෙයි

ඉන්දියාවෙන් ගෙනා කේරළ ගංජා කිලෝ 400ක් ලොරියකින් ගෙන යද්දී අසුවෙයි

by sachintha
February 25, 2025 1:56 am 0 comment

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට හොරෙන් ගෙනා කේරළ ගංජා කිලෝ 400ක් ලොරි රථයක රහසිගත කුටියක සඟවා ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙක් කිලිනොච්චිය පොලීසියේ නිලධාරීන් විසින් පෙරේදා (23) රාත්‍රියේදී අත්අඩංගුවට ගෙන ඇත.

යුද හමුදා බුද්ධි අංශය විසින් ලබාදුන් තොරතුරකට අනුව මේ ලොරිය පොලීසිය විසින් නවතා පරීක්ෂා කර ඇත්තේ පරන්තන් සහ අලිමංකඩ අතර ප්‍රදේශයේදීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අවුරුදු 34 හා 40 වයස්වල පසුවන කිලිනොච්චියේ පදිංචිකරුවන්ය.පාර්සල් 182ක් ලෙස මේ ගංජා තොගය තිබී ඇත්තේ ලොරියේ බඳේ සකස් කළ රහසිගත කුටියකය.මේ රථය යාපනය වඩුක්කෝඩෙයි සිට පැමිණ ඇති බව ද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT