Tuesday, May 13, 2025
Home » මහවැලි ජනපදයේ කිරි ගව පාලනය ව්‍යාප්ත කිරීමට පියවර

මහවැලි ජනපදයේ කිරි ගව පාලනය ව්‍යාප්ත කිරීමට පියවර

-ගොවීන්ට-පාසල් ළමයින්ට ප්‍රායෝගික පුහුණුවක්

by sachintha
February 25, 2025 1:42 am 0 comment

මහවැලි ජනපද තුළ කිරි ගව පාලනය ව්‍යාප්ත කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පියවර ගෙන තිබේ.

ඉතා කෙටි කලක් තුළ දේශීය දියර කිරි පරිභෝජන අවශ්‍යතාව අප රට තුළම සපුරා ගැනීම වර්තමාන රජයේ අරමුණ වන අතර රජයේ මෙම අරමුණ සපුරා ගැනීමට දායක වීම පිණිස මහවැලි සී කලාපයේ ක්‍රියාත්මක පුනරුද වැඩසටහනට සමගාමීව මෙම කටයුතු සැලසුම් කර ඇත.

ඒ අනුව මහවැලි සී කලාපයේ වෙසෙන ජනපදිකයන්ට ඔවුන්ගේ ප්‍රධාන භෝග වගාව වන වී ගොවිතැනට අමතරව, අමතර ආර්ථික ලාභයක් ලබා ගැනීමට හැකි වන පරිදි දියර කිරි නිෂ්පාදනයට යොමු කරලීම මෙම වැඩසටහන මඟින් සිදු කරයි. මෙහිදී තෝරා ගත් ගොවි මහත්වරුන් සහ පාසල් ළමයින් සඳහා කිරි නිෂ්පාදනයේ මූලික කරුණු පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි. මෙම වැඩසටහන මහවැලි සී කලාපය පුරාම ක්‍රියාත්මක කිරීම මහවැලි අධිකාරියේ අපේක්ෂාවයි.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT