තායිලන්තයේ කැසෙට්සාට් විශ්වවිද්‍යාලයේ සංවිධානයෙන් බැංකොක්හි පැවැති ‘Kaset Fair 2025’ ප්‍රදර්ශනය සඳහා තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල දූත මණ්ඩලය ද එක්ව තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
තායිලන්තයේ වාර්ෂිකව පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේදී කෘෂිකාර්මික නවෝත්පාදන, ආහාර නිෂ්පාදන සහ පර්යේෂණ රැසක් ඉදිරිපත් කර තිබෙන අතර දහස් ගණනක් නරඹන්නන් ඒ සඳහා එක්ව තිබේ. තායිලන්තයේ සහ ඉන් පරිබාහිර ප්‍රදර්ශකයන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව තිබෙන අතර එය විවෘත කිරීම එරට චුලබෝන් ක්‍රොම් ෆ්‍රා ශ්‍රීසවන්ගවධන කුමරිය විසින් සිදු කර ඇත. මේ අතර ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සංස්කෘතික හුවමාරුවේ විශේෂ අංගයක් ලෙස, තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය, ශ්‍රී ලංකාවේ ගැඹුරු සංස්කෘතික උරුමය සහ දෙරට අතර කල් පවතින මිත්‍රත්වය සංකේතවත් කරමින්, මහනුවර ඇසළ පෙරහර නිරූපණය කෙරෙන සාම්ප්‍රදායික බතික් සිතුවමක් කුමරිය වෙත පිළිගන්වා තිබේ.
මෙම ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කළ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කුටිය තුළ, ශ්‍රී ලංකාවේ ලෝක ප්‍රකට ලංකා තේ, ලංකා කුරුඳු සහ විචිත්‍රවත් බතික් නිෂ්පාදන ප්‍රදර්ශනය කර තිබෙන අතර, ශ්‍රී ලංකාවේ අද්විතීය අපනයන කෙරෙහි උනන්දුවක් දක්වන අමුත්තන්ගේ අවධානය දිනා ගැනීමට එය සමත්ව ඇත.
මහින්ද අලුත්ගෙදර