කොළඹ ඇමැති බංගලාවලින් එක් බංගලාවක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යාල කටයුතුවලට දුන් බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා පැවැසීය. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කාර්යාල සංකීර්ණයේ ඉඩකඩ අවම වීම මත කරනු ලැබූ ඉල්ලීමකට අනුව රජය මෙම තීරණය ගෙන තිබේ.
ඇමැති බංගලා තක්සේරු කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතින අතර ඒවා සම්බන්ධයෙන් පත් කරනු ලැබූ කමිටුවේ වාර්තාව ද මේ සතියේ භාරදීමට නියමිතව තිබේ.
එම වාර්තාව කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර රජයේ තීරණය අනුව ඇමැති බංගලා සම්බන්ධ ඉදිරි පියවර ගන්නා බව ද ලේකම්වරයා සඳහන් කළේය.
ඇමැතිවරුන්ගේ භාවිතයට වෙන්කර ඇති නිල නිවාස තම භාවිතයට දෙන ලෙස අධිකරණ විනිසුරුවන් මීට පෙර ඉල්ලීමක් කරනු ලැබූ අතර අමාත්‍යාංශ සහ ආයතන ගණනාවක්ද මෙම නිල නිවාස කුලියට දෙන ලෙස ඉල්ලීම් කර තිබේ.
අදාළ නිල නිවාසවලින් පෞරාණික වටිනාකම් සහිත ඒවා වෙන් කර විදේශ සංචාරකයන් වෙනුවෙන් වෙන් කිරීම කෙරෙහිද රජයේ අවධානය යොමු වී තිබේ. මෙසේ රජය යටතේ දැනට ඇති අමාත්‍ය නිල නිෙවස් ප්‍රමාණය තිස්පහකි.
නෙරංජලා වික්‍රමසිංහ