පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුත් තනි පක්ෂයක් ලෙස රට හා ජනතාව දිනවන දැවැන්ත වැඩසටහනක් මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ක්‍රියාත්මක කරන බව පොදුජන පෙරමුණේ මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ, ගාල්ල දිස්ත්‍රික්කයේ පොදුජන පෙරමුණේ පළාත් පාලන නායකයන් හමුවීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
රටේ ජාතික ආරක්ෂාව සම්පූර්ණයෙන්ම කඩාවැටී තිෙයනවා. එය සත්තකින්ම කනගාටුදායක තත්ත්වයක් බව කිවයුතුව තිබෙනවා. ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට අද වනවිට ගමට යන්න බැරිවෙලා තියනවා. ඒ නිසා ඒ අයට ආරක්ෂාව දෙන්නට මේ වනවිට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා. මැති ඇමැතිවරුන්ට පොලිස් ආරක්ෂාව නැතුව ගමට එන්න බැරි තත්ත්වයක් ඇතිව තිබෙන නිසා මෙය කල්තියාම තේරුම් ගෙන සියලුම දෙනාට පොලිස් ආරක්ෂාව දෙන්නට පියවර ගනිමින් සිටිනවා. හිමිහිට මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව දෙන්නට කථානායකවරයා මේ වනවිට කටයුතු කරමින් සිටිනවා. උසාවිය තුළ වෙඩි තැබීම මුල්කරගෙන මෙය සිදු කරනවා. මන්ත්‍රීවරුන්ට ගමට එන්න නොහැකි නිසා තමයි මෙය සිදුව තියෙන්නේ.” යැයි පැවැසීය.
මහින්ද අලුත්ගෙදර