හම්බන්තොට ජාත්‍යන්තර වරාය තටාකය රොන් මඩවලින් පිරී ඇතැයි හම්බන්තොට ඉන්ටනැෂනල් පෝර්ට් සර්විස් පෞද්ගලික සමාගම පවසයි.
එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි රවී ජයවික්‍රම මහතා සඳහන් කරන්නේ මේ හේතුවෙන් වරායේ තටාකයේ නියමිත ප්‍රමිතිය ගැඹුර තැනින් තැන අඩුවෙමින් පවතින හෙයින් එහි ගැඹුර මිටර් 17ක සීමාවේ තබා ගැනීම සඳහා තැන්පත් වී ඇති වැලි හා රොන් මඩ ඉවත් කිරීම මේ දිනවල සිදු කරන බවයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායට භාණ්ඩ හා සේවා නෞකාද මගි නෞකාද වැඩි වශයෙන් පැමිණීම සිදුවන හෙයින් අදාළ ගැඹුර වරායේ තටාකයේ සෑම ස්ථානයකම නියමිත ප්‍රමිතින්ට අනුව පවත්වාගෙන යෑම මෙම ව්‍යාපෘතියේ අරමුණ වන බවද ඒ මහතා සඳහන් කරයි.
වරාය ද්‍රෝණියේ පුළුල් තරංග සමමිතික සමීක්ෂණයකින් පසුව වරාය හෑරීම ආරම්භ කළ බවත් තටාකයේ ගැඹුර යථා තත්ත්වයට පත්කිරීම මාස දෙකකින් නිම කිරීමට අපේක්ෂා කරන බවද විධායක නිලධාරිවරයා පවසයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය 2008 වසරේ ජනවාරි මාසයේදී වැඩ ආරම්භ කළ අතර 2010 වසරේ නොවැම්බර් මස 18 වැනිදා පැවති කරදිය මංගල්‍යයේදී විවෘත කෙරිණි.
ලුණම සමූහ – සනත් ගමගේ