Home » මානව අයිතිවාසිකම් ගැන අවධානය යොමු විය යුතුයි

මානව අයිතිවාසිකම් ගැන අවධානය යොමු විය යුතුයි

-එජාප සභාපති වජිර අබේවර්ධන

by sachintha
February 25, 2025 1:48 am 0 comment

මානව අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කර ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව මානව හිමිකම් සංවිධානවල අවධානය යොමු විය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු ඇමැති වජිර අබේවර්ධන මහතා පැවැසීය.

ඒ මහතා මේ බව පැවැසුවේ ඉකුත් 22 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති 2025 මානව හිමිකම් සමුළුව සහ විශිෂ්ටතා සම්මාන උලෙළ අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද කීවේය.

“මට මහජන නියෝජිතයෙක් වෙන්න අවස්ථාව ලැබුණේ අවුරුදු 28දී. එදා මෙදා කාලයේ මම කිසිම දවසක පොලීසියකට ගිහින් කිසිම පුද්ගලයකුට විරුද්ධව පැමිණිල්ලක් දාලා නෑ. ඒ වගේම කිසිම කෙනෙක් මට විරුද්ධව පොලීසියකට ගිහින් පැමිණිල්ලක් දාලත් නෑ. මම හිතනවා, ඒක මම කළ මානව හිමිකම් ආරක්ෂාවක් කියලා. අපි හිතනවා, දේශපාලනඥයන් හැටියට කොහොමද මානව වර්ගයාගේ හිමිකම් සුරක්ෂිත කරන්නේ කියලා.

උදාහරණයක් හැටියට අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගත්තොත් එහි 13(4) වගන්තිය සිරභාරයට ගැනීම හෝ රඳවා ගැනීම යටතේ දඬුවමක් නොවේ යැයි පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ කියන්නේ අපේ ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා, කෙනෙක් අත්අඩංගුවට ගත්තම ඔහු කොපමණ කාලයක් අත්අඩංගුවේ රඳවා ගත්තත් එය දඬුවමක් නොවේ කියලා. මම මේ වගන්තිය ගැන වෙනත් රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන්නේ කොහොමද කියලත් සොයා බැලුවා. අමෙරිකා එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුව යම් සැකයක් හෝ සාධාරණයක් පවතී නම් එම ව්‍යවස්ථාවේ 4 වැනි සංශෝධනයට අනුව යම් ස්ථානයක් පරීක්ෂා කිරීමට නියම වූ විට එහි සිටින පුද්ගලයන් හෝ දේපළ භාරයට ගත හැකියි. එසේ වුවත් පුද්ගලයන් භාරයට ගෙන රඳවා තබාගැනීම දඬුවමක් නොවන්නේ යැයි එම ව්‍යවස්ථාවේ ලියා තිබෙනවා.”

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර, දිලිත් ජයවීර මහත්වරුන් ඇතුළු විවිධ වෘත්තිකයෝ රැසක් සහභාගී වූහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT