Tuesday, May 13, 2025
Home » වන සංරක්ෂණ ඉඩම් අල්ලාගෙන සිටින අයගෙන් නැවත පවරා ගන්නවා

වන සංරක්ෂණ ඉඩම් අල්ලාගෙන සිටින අයගෙන් නැවත පවරා ගන්නවා

-ඇමැති ධම්මික පටබැඳි

by sachintha
February 25, 2025 1:43 am 0 comment

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන සිටින්නන්ගෙන් නැවත පවරා ගැනීමට නීතිය වහාම ක්‍රියාත්මක කරන බව පරිසර ඇමැති ආචාර්ය ධම්මික පටබැඳි මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසීය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් විමර්ශන කරන බව ද ඇමැතිවරයා පැවසුවේය.

මොනරාගල දිස්ත්‍රික්කය තුළ පමණක් නොව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් අත්පත් කරගෙන පිටස්තර පුද්ගලයන්ට අලෙවි කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ මොනරාගල දිස්ත්‍රික් මන්ත්‍රී රුවන් විජේවීර මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

පසුගිය කාලය තුළ වන ආවරණ සැලකිය යුතු ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බවත් වන ආවරණ විනාශ වීමත් සමඟ අලි මිනිස් ගැටලුව ඉහළ යන අතර එම ගැටලුව අවම කිරීම සඳහා අලි කොරිඩෝ ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සඳහා මානව සම්පතේ හිඟයක් පවතින බවත් හිඟ මානව සම්පත බඳවා ගැනීම් කිරීමට ඉල්ලීම් කර ඇති අතර රජයේ අවසරය ලද වහාම බඳවා ගැනීම් සිදු කරන බවත් ඇමැතිවරයා පැවසුවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT