නල්ලතන්නිය සමනල ස්වාභාවික රක්ෂිතයේ පෙරේදා (23) පස්වරුවේ හටගත් ගින්න ශීඝ්‍රයෙන් රක්ෂිතය පුරා පැතිර යමින් පවතින බවත්, ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ සහය ඉල්ලා ඇති බව හැටන් වන අඩවි ආරක්ෂක වී.ජේ. රුක්ෂාන් මහතා පවසයි.
නල්ලතන්නිය, වාලමලෙයි වත්ත ප්‍රදේශයෙන් පෙරේදා (23) පස්වරුවේ හටගත් ගින්න ප්‍රදේශයේ පවතින අධික වියළි කාලගුණයත් සමඟ කඳු මුදුණ දක්වා ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බවත්, ගින්න පාලනය කිරීමට තම කාර්යාලයේ නිලධාරින් සහ යුද හමුදා භට පිරිස් එක්ව පියවර ගනිමින් සිටින බවද වන අඩවි ආරක්ෂකවරයා පවසයි.
පැතිර යමින් පවතින ගින්න පාලනය කිරීමට නොහැකි වුවහොත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ සහය ලබා ගැනීමට කටයුතු කරන බවද වන අඩවි ආරක්ෂක නිලධාරිවරයා පැවැසීය. කිසියම් පිරිසක් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට නල්ලතන්නිය පොලීසිය සැකකරයි.
මෙසේ රක්ෂිතවලට ගිනි තබන පුද්ගලයන් පිළිබඳව තොරතුරු වෙතොත් ළඟම ඇති පොලිස් ස්ථානය හෝ තම කාර්යාලය දැනුම්වත් කරන ලෙසට වන අඩවි ආරක්ෂක නිලධාරින් ඉල්ලා සිටියි.
හැටන් – රංජිත් රාජපක්ෂ