Tuesday, May 13, 2025
Home » විදුලිසර වැදුණු කළු උකුස්සෙක් පශු වෛද්‍ය ඒකකයට

විදුලිසර වැදුණු කළු උකුස්සෙක් පශු වෛද්‍ය ඒකකයට

by sachintha
February 25, 2025 1:47 am 0 comment

බුලත්කොහුපිටිය, දේදුගල ප්‍රදේශයේ විදුලි සර වැදී සිටි කළු උකුස්සෙකු වැඩිදුර ප්‍රතිකාර සඳහා බෙල්ලන්විල පශු වෛද්‍යය ඒකකයට යැවු බව බුලත්කොහුපිටිය වනජීවි කාර්යාලය පවසයි. බුලත්කොහුපිටිය වනජීවී කාර්යාලට ලැබුණු තොරතුරක් මත එම කාර්යාලයේ නිලධාරීන් විසින් ඉකුත් 20 වැනිදා එම ස්ථානයට ගොස් කාර්යාලයට ගෙනවිත් ප්‍රතිකාර කර වැඩිදුර ප්‍රතිකාර සඳහා බෙල්ලන්විල පශු වෛද්‍යය මධ්‍යස්ථානයට එවා තිබේ. කළු උකුස්සා යනු කඳුකරය ආශ්‍රීතව ජීවත් වන පක්ෂියෙකු වන අතර වන සත්ත්ව හා වෘක්ෂලතා පනතින් ආරක්ෂිත සත්වයෙකි.

බුලත්කොහුපිටිය සමූහ – ඩබ්ලිව්. රෝහණ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT