මාතලේ නන්දිමිත්‍ර ඒකනායක ජාත්‍යන්තර කෘත්‍රිම හොකී ක්‍රීඩාංගණය නවීකරණය සිදුකර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී නැවතත් ක්‍රීඩාංගණය විනාශ වීමේ අවධානම් තත්ත්වයක් පවතින බව මාතලේ හොකී සංගමය පවසයි.
වසර 10ක පමණ කාලයක් වසා දමා තිබුණු ක්‍රීඩාංගණයේ කෘත්‍රිම හොකී පිටිය නවීකරණ කටයුතු සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් රුපියල් කෝටි එකොළහක මුදලක් වැය කර තිබේ.
නවීකරණය කරන ලද ක්‍රීඩාංගණය ක්‍රීඩා අයිතියට පත් කර මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ නිසි නඩත්තුවක් නොකිරීමෙන් කෘත්‍රිම හොකී පතයේ කොටස් ගැලවී යෑමේ අවදානමක් පවතින අතර මේ සඳහා නිසි නඩත්තුවක් කඩිනමින් සිදු නොකළහොත් ක්‍රීඩාංගණය නැවතත් විනාශ වනු ඇත.
ක්‍රීඩාංගණය තුළ ක්‍රීඩා කළත් නොකළත් දෛනිකව උදෑසන සහ හවස් කාලයේදී කෘත්‍රිම තණතිල්ල වෙත ජලය ඉසීම සිදු කළ යුතු වුවත් ඒ සඳහා වගකිවයුතු අය කටයුතු නොකිරීමෙන් මෙම තත්ත්වය උදාවී ඇති බව මාතලේ හොකී සංගමයේ ලේකම් දයාන් දිසානායක මහතා පවසයි.
මේ පිළිබඳව මාතලේ නාගරික කොමසාරිස් දිනුක බඹරදෙනිය මහතාගෙන් විමසීමේදී ඔහු සඳහන් කළේ හොකී ක්‍රීඩාංගණයේ නීත්‍යනුකූල අයිතිය මාතලේ මහ නගර සභාව සතු නොවන බැවින් ඒ සඳහා ජලය හෝ සේවකයින් යෙදවීමේ ගැටලුවක් පවතින බවත්, මෙහි නඩත්තු හා පරිපාලන කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් සිදු කරනු ලබන බවයි. විනාශ වීමේ අවදානම පවතින ක්‍රීඩාංගණයේ වර්තමාන තත්ත්වය පිළිබඳ පසුගියදා පැවති සාකච්ඡාවක දී ක්‍රීඩාංගණයේ නඩත්තු කිරීම හා පරිපාලන කටයුතු මණ්ඩලයක් මඟින් සිදු කිරීමට සාකච්ඡා වූ බවත් එහිදී යම් වගකීමක් නගර සභාව වෙත පවරන්නේනම් ඒ සඳහා මැදිහත්වී ක්‍රීඩාංගණය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන බව නාගරික කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මාතලේ මධ්‍යම සමූහ උකුවෙල සංචාරක – ප්‍රියන්ත සුමනසේන