Home » අහංගම ශාරිපුත්‍ර විදුහලට වසර 155ක් පිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක්

අහංගම ශාරිපුත්‍ර විදුහලට වසර 155ක් පිරීම නිමිත්තෙන් උපහාර උත්සවයක්

by sachintha
February 25, 2025 1:03 am 0 comment

අහංගම ශාරිපුත්‍ර මහා විද්‍යාලය ආරම්භ කොට වසර 155ක් පිරීම නිමිත්තෙන් එම සංවත්සරය සැමරීමේ උත්සවයක් මහාචාර්ය සුනිල් ආරියරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් 22 වැනිදා එම විද්‍යාලයේදී පැවැත්වුණි.

මෙහිදී පසුගිය වසර 155ක කාලය තුළ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් ලෙස සේවය කොට දැනට ජීවතුන් අතර සිටින විදුහල්පතිවරුන් සහ ගුරුවරුන් එකසිය හත් දෙනකුට මෙහිදී උපහාර පිරිනමනු ලැබීය. එමෙන්ම 1997 වසරේදී ඉන්දුනීසියාවේ ජකර්තා නගරයේදී පැවති දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උලෙළේදී මීටර් 400 දිවීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් විදුහලේ ආදී ශිෂ්‍ය පී.ජී. රංජිත් කුමාරරත්න සහ 1962 වසරේ සාහිත්‍ය දින උත්සවයේදී සමස්ත ලංකා අන්තර් පාසල් කථික තරගයේදී ප්‍රථම ස්ථානය දිනා ලකිසුරු විලියම් ගොපල්ලව රන් පදක්කම දිනාගත් විදුහලේ ආදි ශිෂ්‍ය මාධ්‍යවේදී සුගතපාල දීයගහගේ යන මහත්වරුන් දෙදෙනා ඇතුළු තවත් විවිධ දක්ෂතා පෙන්වූ ආදී සිසුන් පිරිසකට මෙහිදී උපහාර පුදනු ලැබීය.

මහාචාර්ය සම්පත් අමරතුංග, මහාචාර්ය ටී.පී. වීරරත්න, මාධ්‍යවේදී දෙනගම සිරිවර්ධන, දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් ඉන්දික සම්පත් සමරකෝන් යන මහත්වරුන් ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් මෙම උත්සවයට සහභාගි වූහ. අහංගම ශාරිපුත්‍ර මහ විදුහල්පති සී.එන්.ඩබ්ලිව්. ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය, මවුපියන්, ආදි සිසුන්, ව්‍යාපාරික ප්‍රජාව සහ ශාරිපුත්‍ර විදුහලේ හිටපු කළමනාකරුවකු වන දිවංගත යූ.කේ.ජේ. ද සිල්වා මහතාගේ පවුලේ ඥාතීන් විසින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

දකුණු පළාත් සංචාරක – එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT