Home » පෞරාණික කාසි-මුද්දර පුස්කොළ පොත් ප්‍රදර්ශනයක්

පෞරාණික කාසි-මුද්දර පුස්කොළ පොත් ප්‍රදර්ශනයක්

by sachintha
February 25, 2025 1:19 am 0 comment

පාසල් දරුවන්ගේ පුරාණ කාසි වර්ග, මුද්දර හා පුස්කොළ පොත් පිළිබඳව දැනුම්වත් කිරීමේ අටියෙන් පෞරාණික කාසි වර්ග, මුද්දර හා පුස්කොළ පොත් ප්‍රදර්ශනයක් වැලිමඩ විජය විදුහලේදී පෙරේදා (23) පැවැත්විණි.

වැලිමඩ ඌවපරණගම සිංහ සමාජයේ (306 C 02 ) නායකත්ව පුහුණු උපදේශක හා ශාන්ත ජෝන් ගිලන්රථ සේවයේ බදුල්ල දිස්ත්‍රික් අතිරේක කොමසාරිස් ගාමිණි විජේසිරි මහතා විසින් එකතුකරන ලද කිස්තු පූර්ව 237 සිට භාවිතකර තිබෙන කාසි, රන් කහවනු ඇතුළු විවිධ කාසි වර්ග 10,000ක්, මුදල් නෝට්ටු වර්ග, ලංකාව ඇතුළු විවිධ රටවල විසින් භාවිතකර තිබෙන විවිධ මුද්දර වර්ග 7000ක් පමණ සහ ඖෂධ වර්ග සඳහන්කර තිබෙන වෙද පුස්කොළ පොත්ද ප්‍රදර්ශනයට තබා තිබුණි. මෙහි තිබූ තවත් විශේෂත්වයක් නම් විජය විදුහලේ 03 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එච්.ඇම්. දිෂ්ණි මෙත්සිළුණි සිසුවිය විසින් එක්රැස් කරන මුද්දර වර්ගද ප්‍රදර්ශනයට තබා තිබීමයි.

මෙම ප්‍රදර්ශනය වැලිමඩ විජය විදුහලේ විදුහල්පති ආර්.ඇම්.සී. රත්නායක මහතා ඇතුළු ගුරුවරුන් විසින් සංවිධානය කර තිබුණි.

වැලිමඩ

කේ.ආර්.ආර්. රාජමන්ත්‍රී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT