Home » ජාතික ආරක්ෂාව අනතුරකට ලක්වී නැතැයි ජනපති-ඇමැති කියද්දී විපක්ෂ නායක හදන්නේ වෙනත් අරමුණක් ඉටුකර ගන්නයි

ජාතික ආරක්ෂාව අනතුරකට ලක්වී නැතැයි ජනපති-ඇමැති කියද්දී විපක්ෂ නායක හදන්නේ වෙනත් අරමුණක් ඉටුකර ගන්නයි

-ඇමැති බිමල් රත්නායක

by sachintha
February 26, 2025 2:51 am 0 comment

ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් එල්ලවී නොමැති බවට ජනාධිපතිවරයා හා විෂය භාර ඇමැතිවරයා ප්‍රකාශ කර තිබියදිත් ජාතික ආරක්ෂාව අනතුරකට ලක්ව ඇති බවට විපක්ෂ නායකවරයා හෝ වෙනයම් අයකු ප්‍රකාශ කරමින් උත්සාහ කරන්නේ වෙනත් අරමුණක් ඉටුකර ගැනීම බව සභානායක, ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.

ඇමැති බිමල් රත්නායක මහතා තවදුරටත් මෙසේ ද පැවසීය.

“එබැවින් විපක්ෂ නායකවරයා හෝ වෙනත් මන්ත්‍රීවරයකු ජාතික වැදගත්කමක් නොමැති කරුණක් සම්බන්ධයෙන් හෝ අවධානය යොමු කරන්නට උත්සාහ කරන්නේ නම් අඩුම තරමින් කථානායකවරයාගේ එකඟතාව මත එය සිදුකළ යුතුයි.

පක්ෂ නායකයන්ට විශේෂ අවස්ථාවක් තිබෙනවා, කලින් දැනුම් දීමක් සිදුකර නිසි පරිදි ඇමැතිවරයකුට ප්‍රශ්නයක් යොමුකරන්න පුළුවන්. පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තිබෙනවා.රටේ තිබෙන විශේෂ ප්‍රශ්නයක් සම්බන්ධයෙන් පක්ෂ නායකයකුට හරි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හරි ඔබතුමාගේ අවබෝධය මත විමසන්න පුළුවන්. නමුත් අපට දැන් පේන්න තිබෙන දෙයක් තමයි විශාල වශයෙන් සාකච්ඡා කර තිබෙනවා, ජනාධිපතිවරයා, අගමැතිවරයා පිළිතුරු ලබාදී තිබෙනවා. ඒ වගේම ජාතික ආරක්ෂාව අනතුරේ යන මතය ගොඩ නඟන්න උත්සාහ කරන්න, උත්සාහ කරන කණ්ඩායමක් සිටිනවා. නැඟිටලා ඒ කණ්ඩායමත් විවිධ දේවල් කරනවා. විපක්ෂ නායක හරි කවුරු හරි නැගිටලා හදිසි වැදගත්කමක් නැති කරුණක් සම්බන්ධයෙන් දිගටම අවධානය යොමුකරනවා නම් අඩුම තරමේ ඔබතුමාගේ අවබෝධය මත එය විය යුතුයි. යම් හදිසි කරුණක් සම්බන්ධයෙන් අපි කථානායකවරයා දැනුම්වත් කර මතුකරපු අවස්ථා මේ සභාව තුළ තිබෙනවා.මේක වෙන දෙයක්. ජාතික ආරක්ෂාව අනතුරක බව කියලා නිතර නිතර කීමෙන් සිදුකරන්න හදන්නේ වෙන දෙයක්. සංචාරකයන්ට යම් බලපෑමක් සිදුකිරීමයි මෙහි අරමුණ.ඒ නිසා කවර හෝ කරුණක් සම්බන්ධයෙන් මේ විදිහට අවධානය යොමුකරනවා නම් විපක්ෂ නායක හෝ කථානායකවරයා දැනුම්වත් කළ යුතුයි. දැන් මේක නිකම් නැඟිට්ටා. කතා කළා.

විපක්ෂ නායකවරයා-

“මගේ කට වහන්න එපා. මට කතාකරන්න දෙන්න. කාලීන ප්‍රශ්න සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ හැකියාව විපක්ෂ නායකවරයාට තිබෙනවා.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT