Saturday, May 17, 2025
Home » ‘විදර්ශන-සාහිත්‍ය සංස්කෘතික අර්ධ වාර්ෂික සඟරාව’ එළිදැක්වීම

‘විදර්ශන-සාහිත්‍ය සංස්කෘතික අර්ධ වාර්ෂික සඟරාව’ එළිදැක්වීම

by sachintha
February 27, 2025 1:11 am 0 comment

විදර්ශන ප්‍රකාශන ආයතනයෙන් ප්‍රකාශයට පත් කෙරෙන ‘විදර්ශන – සාහිත්‍ය සංස්කෘතික අර්ධ වාර්ෂික සඟරාව’ මාර්තු මස 3 වෙනිදා පස්වරු 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන මුලසුන හොබවන මෙහි හඳුන්වාදීමේ අදහස් දැක්වීම ‘විදර්ශන – සාහිත්‍ය සංස්කෘතික අර්ධ වාර්ෂිකයේ’ සංස්කාරක රංජිත් පෙරේරා සිදු කරන අතර එහි සහාය සංස්කාරක ආචාර්ය ක්‍රිශාන්ත ෆෙඩ්රික්ස් විසින් ‘ලාංකේය සඟරා සංස්කෘතිය හා වර්තමාන අභියෝග’ තේමා කොට මුඛ්‍ය දෙසුම පවත්වයි. ‘විසම්මුතිය විසංයෝජනය කෙරෙන විදර්ශනාව’ තේමාව යටතේ සංගෘහීත වන ලිපි පෙළකින් මෙම සඟරාව සමන්විත වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT