Thursday, May 15, 2025
Home » අභිරහස් ලෙස මිය ගිය කාන්තා මළ සිරුරක් වෙරළකින් හමුවෙයි

අභිරහස් ලෙස මිය ගිය කාන්තා මළ සිරුරක් වෙරළකින් හමුවෙයි

by yasara
February 27, 2025 3:03 pm 0 comment

මාරවිල පොලිස්   වසමට අයත්   කටුනේරිය වෙරළ උද්‍යාන ආසන්නයේ වෙරළ තීරයට  අභිරහස් ලෙස මියගිය නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් අද (27) උදෑසන ගොඩ ගසා තිබූ  බව මාරවිල පොලිසිය පවසයි.

එම ස්ථානයේ  ධීවර කටයුතු  වල නියැළෙන ධීවරයින් පිරිසක් හදින උදෑසන  7.30 ට  පමණ සිරුර දැක පොලිසියට දැනුම්  දී තිබේ.

වයස අවුරුදු  35 ත් 40 ත් අතර  පසුවන කාන්තාවකගේ  සිරුරක්  වන බව පවසන පොලිසිය මරණයට හේතුව නිශ්චිතව හඳුනාගත නොහැකි බව කියයි.  සිරුරට කිසිදු හානියක් සිදුවී නොවී තිබීම හේතුවෙන් අද උදෑසන හෝ  කලින් දින  රාත්‍රියේ කාන්තාවගේ මරණය සිදුවී ඇති බව ද පොලිසිය පවසයි.

මාරවිල  දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී අර්ථනායක මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරිීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය  පශ්චාත් මරණ පරීක්‍ෂණය සඳහා  හලාවත මහා රොහලේ  අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු   කිරීමට   කටයුතු කරන මෙන්  හා ලබන මස  06 වෙනි දින මාරවිල  දිසා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට  නියෝග කෙරිණි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT