මාරවිල පොලිස් වසමට අයත් කටුනේරිය වෙරළ උද්‍යාන ආසන්නයේ වෙරළ තීරයට අභිරහස් ලෙස මියගිය නාඳුනන කාන්තාවකගේ මළ සිරුරක් අද (27) උදෑසන ගොඩ ගසා තිබූ බව මාරවිල පොලිසිය පවසයි.
එම ස්ථානයේ ධීවර කටයුතු වල නියැළෙන ධීවරයින් පිරිසක් හදින උදෑසන 7.30 ට පමණ සිරුර දැක පොලිසියට දැනුම් දී තිබේ.
වයස අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන කාන්තාවකගේ සිරුරක් වන බව පවසන පොලිසිය මරණයට හේතුව නිශ්චිතව හඳුනාගත නොහැකි බව කියයි. සිරුරට කිසිදු හානියක් සිදුවී නොවී තිබීම හේතුවෙන් අද උදෑසන හෝ කලින් දින රාත්‍රියේ කාන්තාවගේ මරණය සිදුවී ඇති බව ද පොලිසිය පවසයි.
මාරවිල දිසා අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් ගාමිණී අර්ථනායක මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික මහේස්ත්‍රාත් පරිීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හලාවත මහා රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට කටයුතු කරන මෙන් හා ලබන මස 06 වෙනි දින මාරවිල දිසා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කෙරිණි