අඩු ආදායම්ලාභී සමෘද්ධිලාභීන් වෙනුවෙන් ක්‍රියාත්මක සමෘද්ධි සෞභාග්‍යා නිවාස වැඩසටහන යටතේ ක්‍රියාත්මක ‘රන් විමන’ නිවාස ව්‍යාපෘතිය මඟින් 2024 වසරේ හියාරේ උතුරු ග්‍රාම නිලධාරි වසමේ ඉදි කෙරුණු ‘රන් විමන නිවෙස’ විවෘත කර නිවෙස් හිමියාට ලබා දීම පසුගියදා සිදු කෙරිණි.
මෙම රන් විමන නිවෙස ලැබීමේ වාසනාව හිමිකරගනු ලැබුවේ සමෘද්ධි සංවර්ධන නිලධාරි හර්ෂ සුපුන් මහතා රාජකාරියේ නියුතු හියාරේ උතුර ග්‍රාම නිලධාරි වසමේ පදිංචි තරුෂ දිල්ෂාන් නමැති සමෘද්ධිලාභියාය.
සමෘද්ධි අධිකාරියේ සෞභාග්‍යා නිවාස වැඩසටහන යටතේ ලබා දෙන රුපියල් 750,000ක මුදලින් අංගසම්පූර්ණ නිවෙසක් ඉදිකිරීමට මෙම නිවාසලාභියාට හැකියාව ලැබිණි.
මෙම නිවෙස විවෘත කිරීම ගාල්ල දිස්ත්‍රික් ලේකම් (දිසාපති) ඩබ්.ඒ. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්, ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා, ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී හා කෝප් කමිටු සභාපති වෛද්‍ය නිෂාන්ත සමරවීර මහතාගේ සහභාගිත්වයෙන් සිදුවිය.
මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් සමෘද්ධි අධ්යක්ෂ කාංචනා චතුරානි, සහකාර ප්‍රා.ලේ (අක්මීමන) නයනතාරා ගුරුගේ, ගාල්ල දිස්ත්‍රික් සමාජ සංවර්ධන කළමනාකරු ශෂිකා ජානකී, අක්මීමන මූලස්ථාන කළමනාකරු හා සමාජ සංවර්ධන සහකාර නිලන්ත ජයවර්ධන, හියාරේ කලාපයේ කලාප කළමනාකරු වීරරත්න මහතා ප්රමුඛ සමෘද්ධි සංවර්ධන නිලධාරින්, ආර්ථික සංවර්ධන නිලධාරින්, ග්‍රාම නිලධාරින්, ප්‍රජාමූල බැංකු නිලධාරින් ඇතුළු ප්‍රදේශවාසීහු රැසක් සහභාගි වූහ.
අක්මීමන විශේෂ – සුනිල් ගමගේ