71
ගාල්ල මැදකීඹියේ පදිංචි ඇන්ඩෲ ජයසේකර නමැති තිදරු පියෙකු තම සියවෙනි (100) ජන්ම දිනය පෙරේදා (25) දරු මුණුබුරන් සමඟ සමරනු ලැබුවාය.
1925 පෙබරවාරි 25 දින උපත ලැබූ ඇන්ඩෲ ජයසේකර මහතාට තවමත් තනිව ගමන් කළ හැකිය. තමන්ගේ වැඩ තනිව කර ගත හැකි මට්ටමේ පසුවන ඔහුට කණ්ණාඩි නොදමා පොතපත කියවිය හැකිය. ඔහුගේ දියණියක වන කුමුදු ජයසේකර මහත්මිය පවසා සිටියේ තම පියා ගැන දරුවන් සහ ප්‍රදේශවාසී සියලු දෙනා ඉතාම සතුටුවන බවයි. කිසිවකුට කරදරයක් නොවන ලෙස ජීවත්වන ඇන්ඩෲ ජයසේකර මහතාගේ උපන්දින සැමරුමට පෝද්දල පුංචි ශ්‍රීපාද පුරාණ විහාරාධිපති කීඹියේ ඥානරතන නාහිමි ඇතුළු මහා සංඝරත්නයද එක්ව සිටියහ.
හිනිදුම – රවීන්ද්‍ර ලියනගේ