115
පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ පස්සර සහෘද මිත්‍ර සංසදය එක්ව 11 වැනි වරටත් සංවිධානය කළ ලේ දන්දීමේ පින්කමක් ඊයේ (26) පස්සර ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි. බදුල්ල ශික්ෂණ රෝහලට අවශ්‍ය රුධිරය පරිත්‍යාග කිරීමේ අරමුණින් බදුල්ල ලේ බැංකුවේ සහයෝගය මත මෙම ලේ දන්දීමේ පින්කම සංවිධානය කර තිබිණි. මෙහිදී විශාල පිරිසක් ලේ පරිත්‍යාග කිරීමට පැමිණ සිටියහ.
සොරණාතොට සමූහ – සී. ගමගේ