Home » සා.පෙළ විභාගය ගැන දැනුම්දීමක්

සා.පෙළ විභාගය ගැන දැනුම්දීමක්

by chanaka
February 28, 2025 4:19 pm 0 comment

අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ (2024/2025) විභාගය 2025 මාර්තු 17 වැනිදා ආරම්භ කර මාර්තු 26වැනිදා දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම විභාගයට පෙනී සිටින පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර අදාළ පාසලේ විදුහල්පති වෙතද පුද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර ඔවුන්ගේ පුද්ගලික ලිපිනයටද තැපැල් මගින් යොමුකර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රවේශපත්‍ර නොලැබුනු අයට මාර්තු 07වැනිදා සිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස තම ප්‍රවේශපත්‍රය බාගත කර ගැනිමට පහසුකම් සලසා ඇති බවත් සඳහන්ය.

තවද ප්‍රවේශපත්‍රවල විෂය,මාධ්‍ය හා නාම සංශෝධන කිරීමට අවශ්‍යනම් එය මාර්තු 10වැනිදා මධ්‍යම රාත්‍රී 12.00 දක්වා https://onlineexams.gov.lk/eic වෙබ් අඩවියට පිවිස මාර්ගගත ක්‍රමයට සිදුකර ගත යුතු බවත් විභාග දෙපාර්තමේන්තුව පවසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT